*
Monday, October 28, 2024
spot_img

Latest Posts

ඔබ ඩිජිටල් වංචාවකට හසුවුණාද? ඉක්මණින් ආරක්ෂාවීමට ස්මාර්ට් පියවර 5 ක්!

කොළඹ LNW:ලෝකයේ ඩිජිටල් ගණුදෙනු වැඩි වීමත් සමඟ පුද්ගලයින්ව මූල්‍ය වංචාවලට හසු කරගැනීමට වංචාකාරී පාර්ශවයන් සක්‍රීයව ක්‍රියා කරති.

දිනෙන් දින වැඩිවෙමින් පවතින ඩිජිටල් ගෙවීම් සම්බන්ධ වංචාවන්ට වඩාත් සුපරීක්ෂාකාරී පරිශීලකයින් පවා හසුවිය හැකිය. මෙවන් වංචාවකට හසුවුණහොත් එයින් මිදීමට ඔබ කළ යුත්තේ මොනවාද?

Visa ආයතනය ඉදිරිපත් කරන ක්‍රියාමාර්ග 5ක් මගින් ඔබට වංචාවෙන් මිදීමටත් එයින් ඇතිවිය හැකි අවදානම අවම කරගැනීමටත් පහසු වේ.

ඒ අනුව,

  1. බලයලත් පාරිභෝගික සේවා අංක පමණක් අමතන්න

ඔබේ බැංකුවේ හෝ ගෙවීම් සැපයුම්කරුවාගේ නිල සන්නිවේදනයේ දක්වා ඇති පාරිභෝගික සේවා අංකයට පමණක් ඇමතුමක් ලබා දෙන්න. නිල වශයෙන් සඳහන් කර ඇති සම්බන්ධතා මත පමණක් විශ්වාසය තබා ඔබගේ ගිණුම අත්හිටුවන්න හෝ ඔබගේ කාඩ්පත/ගෙවීම් ක්‍රමය අවහිර කරන්න.මෙම ක්‍රියාමාර්ගයෙන් තවදුරටත් වංචාකාරී ක්‍රියා නතර කිරීමට සහ ආපසු ගෙවීම් හෝ වන්දි ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ.
   

  1. ප්‍රමාද නොවී වාර්තා කරන්න

එය වහාම බැංකුවට වාර්තා කර පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ දුරකථන අංක 0112381045 හෝ පොලිස් මූලස්ථානයට (+9412421111) දන්වන්න. ඔබේ ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර එහි පිටපතක් ළඟ තබා ගන්න.

  1. සෑම විස්තරයක්ම ලේඛනගත කරන්න

වංචාවකට හසුවීමේදී ඇතිවන අවුල් වියවුල් තත්ත්වය සහ කලබල වීම නිසා තීරණාත්මක තොරතුරු නොසලකා හැරීම සාමාන්‍යය දෙයකි. ඔබ වංචාවකට හසුවූවා යැයි සැක කරන මොහොතේ සිට විස්තර මතක තබා ගැනීමට සහ සියල්ල ලේඛනගත කිරීමට උත්සාහ කරන්න, සංවාද පටිගත කරන්න,
තිරපිටපත් ගන්න, ඕනෑම පණිවිඩයක් පිටපත් කරගන්න. ඔබ වංචාකාර පාර්ශවයන් සමඟ බෙදාගෙන ඇති ගනුදෙනු හැඳුනුම්පත්, දිනයන්, මුදල් ප්‍රමාණයන් ආදියද තොරතුරුගත කර ගන්න. වංචාව වාර්තා කිරීමේදී සහ විසඳීමේදී මෙම තොරතුරු ඉතාමත් වැදගත් වනු ඇත.

  1. ඔබගේ ආරක්ෂාව ශක්තිමත් කරගන්න

දුර්වල මුරපද ශක්තිමත් සහ අනන්‍ය ඒවා බවට යාවත්කාලීන කරගන්න. ද්වි සාධක සත්‍යාපනය (two step authentication) සක්‍රිය කරගන්න. ඔබේ උපාංගය/ය නිතිපතා ස්කෑන් කරන ප්‍රබල ප්‍රති-අනිෂ්ට මෘදුකාංග (antimalware) ස්ථාපනය කිරීමෙන් ඔබේ ආරක්‍ෂාව ශක්තිමත් කරගන්න. ඔබ එය ක්‍රියාත්මක කළ පසු, RBI විසින් මාර්ගගත ගනුදෙනු සඳහා අනිවාර්ය කර ඇති ටෝකනීකරණය වැනි ශක්තිමත් ආරක්ෂක පියවරයන් සහිත ගෙවීම් විකල්ප තෝරන්න.

  1. උපදෙස් සහ දැනුවත්වීම්

ඩිජිටල් ගෙවීම් වංචාවකට ගොදුරු වීම දුෂ්කර අත්දැකීමක් විය හැකිය. අත්‍යවශ්‍ය ආරක්ෂක උපදෙස් සහ ඔබ විසින් ලබාගත් අත්දැකීම් මිතුරන්, පවුලේ අය, වැඩිහිටියන් සහ සමාජ මාධ්‍ය සමඟ බෙදා ගන්න, එවිට ඔවුන් ඔබේ අත්දැකීම්වලින් දැනුමක් ලබාගන්නා අතර ඔවුන්ට ප්‍රවේශම් විය හැකිය. අප සියළු දෙනාට ආරක්ෂිත සහ ස්ථායී ඩිජිටල් පරිසරයක් පිළිබඳ උපායමාර්ගය තුලින් දැනුවත්ව, ඩිජිටල් ගෙවීම් ආරක්ෂාව තහවුරු කරගත හැක.එමෙන්ම ඒ තුළින් දැනුවත්ව සහ සුපරීක්ෂාකාරීව සිටීමෙන් අපට පමණක් නොව අප අවට සිටින අන් අයටද ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් ගොඩනගාගත හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan