එක්නැලිගොඩ සිද්ධියට අදාළ වූ නඩුව විභාගයට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් බව වාර්තා වේ. ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ වූ නඩුවයි.

එහිදී අදාල නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින පෞද්ගලික දුරකථන සමාගම් දෙකක් වෙනුවෙන් එහි නියෝජිතයින් සාක්ෂි ලබා දුන් බව සඳහන් වේ.

නඩුවට පාදක වන විත්තිකරුවන් විසින් ලබාගත් බව කියන දුරකථන ඇමතුම් කිහිපයක් සම්බන්ධයෙන් එම සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ බව පැවසේ.

අනතුරුව නඩු විභාගය දෙසැම්බර් මස 06 වනදා කැඳවීමටද නියම වූ බව සඳහන් වේ

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...