පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

තායිලන්තයේ සිට මෙරටට ඉතා සූක්ෂම ලෙස ජාවාරම් කර ගෙන එන ලද ගංජා සහ හෂීෂ් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍යාගයක් ලෙස මෙරටට ආනයනය කරන ලද මේසයක කොටස් ලෙස සකස් කර තිබූ සැක කටයුතු භාණ්ඩ තොගයක්, පෑලියගොඩ පිහිටි රේගු ගබඩාවකදී පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

මෙම මෙලෙස සඟවා ගෙන ආ මත්ද්‍ර්ව්‍ය අතර, රුපියල් මිලියන 24ක් වටිනා ගංජා සහ රුපියල් මිලියන 133ක් වටිනා හෂීෂ් තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

මීට අමතරව, මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...