*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

රටට බරක් නොවන රාජ්‍ය සේවකයෙක් නිර්මාණය කරනවා – රංජිත් සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැඩි විමර්ශනයකට ලක් කරමින් රටට බරක් නොවන රාජ්‍ය සේවකයෙක් ඇති කිරීමට වෙහෙසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බවත්, සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව සියඹලාපිටිය මහතා කියා සිටියේය.

තවදුරටත් ඒ මහතා පවසූවේ,

“තවත් ආයතන රාශියක බඳවා ගැනීම් ඉල්ලනවා. හැබැයි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ අවශ්‍යතාවය ඉතාමත් පැහැදිලිව දකිනවා අමාත්‍යාංශය හැටියට. ඒක අත්‍යවශ්‍යම සේවාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී දැවැන්ත විමර්ශනයක් කරනවා කොහොමද රජයට මේක දරා ගන්න පුළුවන් කියලා. දැනට අපි මාසයකට රුපියල් බිලියන 95ක විතර පඩියක් ගෙවනවා. විශ්‍රාමවලට අමතරයව. ඒ නිසා දැන් ලොකු විමර්ශනයක් කරලා රටට බරක් නොවන රාජ්‍ය සේවකයෙක් ඇති කරන්න තමා අපි දඟලන්නේ. ඒ නිසා අපි ඉක්මනින් තහවුරු කරලා හෙට අනිද්දට ඉක්මනින් කතා කරනවා.”

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan