පොලිස් වෙඩි පහරකින් 14 හැවිරිදි සිසුවෙකුට බරපතළ තුවාල !

Date:

මාතර තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු අතින් පාසල් සිසුවෙකුට වෙඩි වැදීම නිසා ඊයේ (28) උණුසුම් තත්වයක් උද්ගත වී තිබිණි.

මිද්දෙවෙල – කන්දෙපොළ මාර්ගයේ ස්ථානයකදී මෙම සිදුවීම සිදුව ඇත.

පාසල් සිසුන් පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී තිහගොඩ පොලිසියේ නිලධාරියකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වී අදාළ සිසුවාට වෙඩි වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති එම 14 හැවිරිදි සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධියෙන් කුපිත වූ ප්‍රදේශවාසී ජනතාව තිහගොඩ පොලිසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්වයක් උද්ගතව ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් ද නිලධාරීන් කැඳවා තිබුණු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...