සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ අයදුම්පත් කැඳවීම අවසන්

Date:

“කිසිවෙක් අත්හැරෙන්න දෙන්න එපා” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඊයේ (28) දිනයෙන් අවසන් විය.

රාජ්‍ය සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන මිලියන 2.4 ක අයදුම්කරුවන් මේ වන විට සුබසාධක ප්‍රතිලාභ දත්ත පද්ධතියේ ලියාපදිංචි වී සිටින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඉලක්කගත ප්‍රජාවෙන් 70%ක පමණ තොරතුරු මේ වන විට පද්ධතිගත කර ඇති අතර ඉතිරි 30%ක අයදුම්පත් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගොනුගත වී ඇති බවත් තවත් මිලියන 1.5ක දත්ත ප්‍රමාණයක් කඩිනමින් පද්ධතිගත කිරීමට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරමින් සිටින බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

වැඩසටහනේ දෙවන අදියර වශයෙන් අයදුම්කරුවන්ගේ නිවාස වෙත ගොස් තොරතුරු සංගණනය සිදු කෙරන අතර, එම කටයුතු නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දන්වා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...