පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට

සටහන – රුවන් නෙළුගොල්ල

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (ඔක්තෝබර් 30) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

අද දිනයට අමතරව අදාළ කාර්යාල සඳහා නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එසේම නොවැම්බර් මස 01 වන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

අදාළ දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට නොවැම්බර් 07 සහ 08 යන දෙදින තුළ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...