පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (ඔක්තෝබර් 30) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

අද දිනයට අමතරව අදාළ කාර්යාල සඳහා නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එසේම නොවැම්බර් මස 01 වන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

අදාළ දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට නොවැම්බර් 07 සහ 08 යන දෙදින තුළ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...