එහෙම මුදල් අච්චු ගහන්න බැහැ.අවබෝධයක් නැති කතා කියන්නේ – සුසිල් ප්‍රේමජයන්ත

Date:

කොළඹ LNW: පැවති ආණ්ඩුව විසින් සම්මත අකර ඇති අණ පනත අනුව රජයට හිතූ හැටියට මුදල් අච්චු ගැහීමක් සිදුකළ නොහැකි අතර මහ බැංකුවෙන් ඊට අනුමැතියක් නොලැබෙන බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගස ඇති බවට ප්‍රචාරය වන පුවතට ප්‍රතිචාරයක් ලෙසයි ප්රෙම්ජන්ත මහතා මේ බව කියා සිටියේ.

”අපි සම්මත කරපු අණ පනත් අනුව මහ බැංකුවේ අවසරයක් ලැබෙන්නේ නැහැ මුදල් අච්චු ගහන්න. මහ බැංකුව ස්වාධීන ආයතනයක්. මුදල් අච්චු ගැහීමෙන් තමයි උද්ධමනය වැඩි වුණේ. දැන් වෙන්නේ රජයට ලබාගන්න පුළුවන් ණය සීමාව තුළ කෙටි කාලීන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා මුදල් හොයා ගන්නවා. මොකද දැන් අතුරු සම්මත ගිණුමෙන් යන්නේ. අලුත් අයවැය යෝජනාවකුත් නැහැ. බදුවල කිසිදු වෙනසක් කරන්න බැහැ අයවැයක් නැතුව. වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන කොට රේට් එක ඉහළ යනවා. භාණ්ඩාගාර බිල්පත්වලට කුඩා කුඩා සමගම් හෝ කුඩා ව්‍යාපාරික අයට සහභාගී වෙන්න අවස්ථාව අඩුයි. එතකොට වෙන්නේ ඉබේම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකදී සාමාන්‍යයෙන් සහභාගී වෙන පිරිස අඩුවෙනවා නම් ඉබේටම පොළී අනුපාතය වැඩිවෙනවා. එතකොට ප්‍රතිඵලය වෙන්නේ අද ලබාගන්නා වූ ණය වලට මීට මාස හයකට පෙර ණය ගද්දි මෙච්චර තරඟයක් නොතිබී පොළී අනුපාතය සියයට නමයක් වුණා නම් දැන් ඒක එකොළහක් වෙනවා. එතකොට ගෙවන්න වෙන පොළී අනුපාතය වැඩිවෙනවා. එතකොට වෙන්නේ රට තුළ මුදල් සංසරණය වීම හැකිලෙනවා. ජනතාව අතරට මුදල් යාම අඩුවෙනවා.” යනුවෙන් ප්‍රේම්ජයන්ත මහතා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...