ජනාධිපතිගේ වී තොග වාර්තාව වෙනුවෙන් තොග සමීක්ෂණයක්!

Date:

කොළඹ LNW:මෙරට වී තොග පිළිබඳ වාර්තාව මේ සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව ඊට අදාළව වී හා සහල් තොග සමීක්ෂණය කිරීම මේ දිනවල සිදු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

අනුරාධපුර ,පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක එම කටයුතු ක්‍රියාත්මක බව සඳහන්.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින වී තොග මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින තොග ද මේ යටතේ ගණන් ගැනෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය වසයි.

මේ අතර සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බව පසුගිය 25 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ව්‍යාපාරික නියෝජිත හමුවේදී පැවසිය.

සහල් පාලන මිල වැඩි කරමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...