සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 30,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: ඉකුත් දිනක අප අතරින් වෙන්ව ගිය Liam Payne ගේ නව ගීතයක් නිකුත් කිරීමට එම නිර්මාණය සිදු කිරීමට දායක වූ ඔහුගේ සහකරු “මෙය එයට තවමත් සුදුසු කාලය නොවේ” යැයි පැවසීමෙන් පසු කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගායකයාගේ පවුලේ අයවලුන්ට සාමයෙන් මෙම දුක්ඛිත මොහොත ගත කිරීමට ඉඩ දීමට අවශ්‍ය බව ඔහු එහිදී පෙන්වා දුනි.
සති දෙකකට පෙර මියගිය One Direction හි තරුවක් වූ Liam, උතුරු කැරොලිනා ගායක සෑම් පවුන්ඩ්ස් සමඟ “Do No Wrong” සම-රචනය කරමින් ගායනයට ද එක්ව සිට තිබේ
මෙම ගීතය නොවැම්බර් 1 සිකුරාදා නිකුත් කරන බව පවුන්ඩ්ස් පවසා තිබූ අතර, එය Liam ගේ මරණය වටා ඇති “සෘණාත්මක දෑ යටපත් කරනු ඇතැයි” ඔහු බලාපොරොත්තු විය.
එහෙත්, ඉකුත් අඟහරුවාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින්, පවුන්ඩ්ස් කියා සිටියේ, “මෙය තාවකාලිකව යටපත් කරමින් එම නිදහස පවුලේ සියලුම සාමාජිකයින්ට පැවරීමට තීරණය කරන” බවයි.