අහසින් පොලවට – ලන්ඩන් කවි

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :

පෙරුම් පුරාගෙන
ආ සංසාරේ
මිතුරන් ගිය මග
ඉගිලී යන්නට
සත්කුළු පව් සිට
අහසින් පොලවට
විදුලි වේගයෙන්
සපැමිණි කුමරිය
මිහිකත සිපගෙන
බිම විසිරෙනවිට
නැගුණි විලිරුදා
දසමස් කුසයෙහි
දැගලූ දගයා
සම මස් ලේ බිදු
එක්කර තැනවූ
නැලවූ දරුපෙම
නැතිවිය සදහට