මහබැංකු අධිපතිගේ නිවාස දෙකක් ගැන විමල්ගෙන් චෝදනා !

Date:

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අයත් දික්වැල්ලේ සහ කොළඹ 02 පිහිටි නිවාස දෙකක් කුලියට දී ඇති ආකාරය තුළ ළබැඳියාවන් අතර ගැටුම් මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“මෙයාට තියෙනවා දික්වැල්ලෙ ගොඩනැගිල්ලක්. මෙයා දික්වැල්ලෙ ජන්මලාභය ලබපු කෙනෙක් බව දන්නවානෙ, නන්දලාල්. මේ තියෙන්නෙ ඒක NSB ශාඛාවක්. මහබැංකු අධිපති තමයි සාමාන්‍යයෙන් බැංකුවල නියාමකයා. බැංකු පිළිබඳ වගකියන රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා, එයාගෙ දික්වැල්ලෙ බිල්ඩින් එකක් දෙනවා NSB එකට. ඉතින් ඒක බැඳියාවන් අතර ගැටුමක් නෙවෙයිද ? මේක බිල්ඩින් එකක් කිව්වට ගෙයක්. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛාව. මේ බිල්ඩින් එකක් කිව්වට එයාගෙ ගේ. එතකොට මේ ගේ NSB එකට කුලියට දුන්නාම බැඳියාවන් අතර ගැටුමක් නෙවෙයිද ? බැංකුවකට හරියන තැනකුත් නෙවෙයි ඒක. ඒත් NSB එකට බෑ කියන්න බැහැනෙ, ඒගොල්ලොන්ගෙ රන් දෙවොලෙ ලොක්කානෙ කියන්නෙ මේක ගනිං කියලා. මොනවා වුණත් ගන්න වෙනවා.

ඒ විතරක් නෙවෙයි, මෙතුමා මේ ළඟදී දානවා මහබැංකුවේ මානව සම්පත් කළමනාකරණය ගැන උපදේශනය පිළිබඳ කොන්ත්‍රාතුවක්. දැන් මානව සම්පත් කළමනාකරණයක් මෙච්චර කල් මහබැංකුවේ වෙලා නෑ ? ඉතින් එයාට ඕනෙ වෙනවා මේකට හොඳ උපදේශනයක් ගන්න, ඒකට කොන්ත්‍රාතුවක් පිරිනමනවා. ඒක ගන්නෙ මැලේසියාවේ නෙගාරා මහබැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයකු වන නන්දලාල් මහත්තයාගේ කුළුපග මිත්‍රයකු වන මොහොමඩ් අදාරි බෙලාල්ඩීන්. එයා තමයි ඒ කොන්ත්‍රාතුව ගන්නෙ. රුපියල් මිලියන 400ක කොන්ත්‍රාතුවක් මේක ඈ … මැලේසියාවේ නෙගාරා මහබැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයකු වන මොහොමඩ් අදාරි බෙලාල්ඩීන් මේක අරගෙන, එයා එවනවා දෙන්නෙක්ව. කනිෂ්ට උපදේශකයින් දෙන්නෙක් එවනවා මේක ගැන වාර්තාව හදන්න. ඒ එක්කෙනෙක් ටී. යූ. ජීන් මහත්මිය. අනිත් එක්කෙනා ඉක්සාල් මහත්තයා. දැන් මේ දෙන්නා නතරවෙලා ඉන්නෙ කොහෙද ? මේකත් NSB එකට වෙච්ච වැඩේම තවත් එකක්. මහබැංකු අධිපතිවරයාට තියෙනවා කොළඹ 02, කැපිටල් ට්වින් පීක්ස් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ ගෙයක්. ඒ ගෙදර තමයි මේ දෙනා නතරවෙලා ඉන්නෙ. එතකොට අර මිලියන 400න් අර දෙන්නා නතරවෙලා ඉන්න ගෙදරට යන කුලියත් එන්නෙ නන්දලාල්ට. මෙහෙම කෙනෙක්නෙ මේ හොඳම මහබැංකු අධිපති කියලා සම්මානයක් ලබලා තියෙන්නෙ”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ඩබල් කැබ් මිලදී ගැනීම: බිලියන 40ක පාඩුවක්?

කොළඹ LNW:රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට සූදානම්...

‘රටම එකට – ජාතික මෙහෙයුම’ ඇරඹේ!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ...

චීනයේ Shenzhou-21 අභ්‍යාවකාශ යානය හෙට උඩු ගුවනට!

කොළඹ LNW:Shenzhou-21 ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ යානය සැලසුම් කර ඇති...

දකුණු කොරියාවෙන් ට්‍රම්ප්ට රන් ඔටුණු තෑගී ; තීරුබදු අඩු වේ, ඩොලර් බිලියන 350 ක ආයෝජන වේගවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...