අයිතිකාරයෙක් නැති රගර් ලේඛණ මවන්නේ භූතයෝ

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 31, (LNW) කොළඹ:මේ දිනවල ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ වැඩියෙන්ම දකින්නට ලැබෙන්නේ වගකිමක් නැති ලේඛණ සැරිසැරීම්ය.මේ මොහොතේ ශ්‍රී ලංකා රගර් හී බලධාරියා වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන අතර ඔහුව හැඟවෙන පරිදි රගර් කේෂ්ත්‍රෙය් තරගාවලි පවත්වා ගැනීම සඳහා කමිටුවලට පුද්ගලයින් නම් ඇතුළත් කරමින් සංසරණය වන ලියවිල්ල,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නොදැන නිර්මාණය වූ එකකි.
මේ වන විට ශ්‍රී ලංකා රගර් හී නිල ලේඛණ භාවිතා කිරීම හිටපු නිලධාරීන්ට තහනම් ක්‍රියාවක් වන අතර එසේ තිබියදී ආන්දෝලානාත්මක ලෙස මෙවැනි ලිපි ශ්‍රී ලංකා රගර් ලිපි ශීර්ෂය යටතේ සංසරණය වන්නට මුදා හැරීම අනීතිකව ක්‍රීඩා සමාජ කිහිපයක සහයෝගයද සහිතව යම් කිසි ආකාරයක බලපෑමකින් ශ්‍රී ලංකා රගර් හි නොමැති බලයක් අයිති කර ගන්නට දක්වන උත්සාහයක් විය හැකිය.මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව පාදක වන ලෙස මාස හයකට පෙර විසුරුවා හරින ලද රගර් පරිපාලනය විසින් පුහුණුකරුවන්.විනිසුරුවන්,තීරකයින්,තරග නිලධාරීන් ආදිය ඉලක්ක කර නිකුත් කළ නිර්ණායකයන් ඇතුළත් ලිපියක් ද නැවත සංසරණරග්ය වීමට පටන් ගෙන ඇත.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම ලිපියද තමන් විසින් නිකුත් නොකරන ලද මීට මාස හයකට පමණ පෙර නිකුත් කර ඇති එකක් බව අප කළ විමසීමකදී පැවසීය.

මේ ආකාරයට නොනිල ආකාරයෙන් නිල දැන්වීම් බව හැඟවෙන ආකාරයට කමිටු නම් කර නිකුත් කර ඇති ලිපිය ගැන එම කමිටුවලට නම් කර තිබෙන පුද්ගලයින් ද නොදන්නා බව පවසා ඇති තත්ත්වයක කිසිවෙකු හෝ එම නම් ඇති ලියවිලි යොදාගෙන විශාල අනුග්‍රාහක මුදලක් අවභාවිතා කරන්නට ඉඩ ඇති නිසා,මේ ලියවිලිවල නම් සදහන් අය අඩුම තරමේ තමන්ගේ කීර්තිය වෙනුවෙන් නීතිමය පියවරක් හෝ ගත යුතු වුව ද නිහඩව සිටීමද ගැටළුවකි.

අප වෙත වාර්තා වන තොරතුරුවලට අනුව මේ කාරණා පිටුපස තමන් උගත් පාසලේ ආදි සිසුවෙක් ලෙස හෝ එම පාසලට වද්දා ගැනීමට ප්‍රතික්ෂේප කර තිබෙන පුද්ගලයින් දෙදෙනෙක් ද,මියයන තෙක්ම අහසින් පාත් වූ රගර් හී ඉහළ පුටුව රත් කරන්නට සිහින මැවූ පුද්ගලයෙක් ද සිටින බව රගර් කේෂ්ත්‍රෙය් බොහෝ දෙනෙක්ගේ අදහස වී ඇත.පාසලෙන් ප්‍රතික්ෂේප වී ඇති දෙදෙනාගෙන් එක් අයෙකුට රගර් ක්‍රීඩාවේ ඉහළ දැණුමක් ඇතත්,රටේ ක්‍රීඩා නීතියට අනුකූල නොවන හැසිරීම් නිසා ද,ව්‍යාපාරිකයෙකු ලෙස විශ්වසනීයව කටයුතු නොකිරීම නිසා ද ප්‍රතික්ෂේප වි ඇති අයෙකි.අනෙක් පුද්ගලයා රගර් ක්‍රීඩාවේ නිපුනයෙක් නොවන අතර වාසනාවට එහි වගකීමක් දරන්නට ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අදාළ ලිපි ශීර්ෂ රැඟෙන ගොස් මේ කාරණයේ දී ඒවා යොදා ගන්නා බවට සැකයට භාජනය වී ඇත.

බලය වෙනුවෙන් සහ තමන්ගේ පැවත්ම වෙනුවෙන් මතුවන අවශ්‍යයතාවය පදනම් කරගෙන වීරයා සහ ද්‍රෝහියා නිර්ණය කරන සදාකාලික මුල් පුටු සිහිනයේ සිටි පුද්ගලයා මේ වන විටත් ලෝකය සමඟ ශ්‍රී ලංකා රගර්වලට පිටින් ගස් ව්‍යාපාරයක පැටලි සිටින බවට සැක මතු වී තිබෙන, වාසි ඇති තැන්වලට ගස්වල එතෙන වැල් සේ පැටලෙන දැවටෙන පුද්ගලයෙක් බව ද රගර් කේෂ්ත්‍රෙය් කතා බහ වෙමින් ඇත.
කෙසේ වුව තමන් සම්බන්ධ නැති,එහෙත් තමන් බව හැඟවෙන ලියවිලි පතුරාවලන්නේ කවුද යන්න සෙවීම ගැන පරීක්ෂණයක් කිරීමට නීති අංශ දැනුවත් කරන්නේ දැයි අප අධ්‍යක්ෂ ජෙනරාලවරයාගෙන් විමසා සිටි අතර ඔහු ඒ ගැන නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...