ලොහාන් රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:නීති විරෝධී අයුරින් සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේ මහතා එළඹෙන නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එම මෝටර් රථය මෙරටට ගෙන්වා ඇත්තේද නීති විරෝධීව බව අනාවරණය වී තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරකට අනුව මිරිහාන පොලීසිය විසින් එම ස්ථානය පරීක්ෂා කර අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණි.

ඒ අනුව මිරිහාන පොලිසිය විසින් අද දහවල් මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ ලොහාන් රත්වත්තේ මහතාව පස්වරුවේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

එම මෝටර් රථය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර සති 03කට පමණ පෙර රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා අදාළ මෝටර් රථය එම නිවසේ ගරාජයට ගෙනවිත් දමා ඇති බවයි.

මේ අතර අදාළ නිවසේ මාස හයක පමණ කාලයක් පුරා කිසිවෙකුත් සිට නැති බවද සඳහන්.

පසුගිය 20 වැනිදා කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ලොහාන් රත්වත්තේ මහතාගේ කාර්යාලයේදී වෙඩි වැදී මියගොස් සිට ඇත්තේ එම පෞද්ගලික ලේකම්වරයා බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.

රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ රථය පරීක්ෂා කර තිබුණු අතර එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ මෝටර් රථය කොටස් තුනකට වෙන්කර රේගුව හරහා මෙරටට විදේශයකින් ගෙන්වා ඇති බවයි.

අනතුරුව මෙරටදී එම රථය එකලස් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...