මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග පහක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 31,  කොළඹ LNW:


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත් නැඟී එන රටවල ක්‍රිකට් සංවර්ධනයට දායකවීමේ අරමුණ ඇතිව මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරග පහකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අවස්ථාව දී ඇත.
මෙම තරග නොවැම්බර් 2 දා ආරම්භ වී නොවැම්බර් 10 දා දක්වා කොළඹ එන්සීසී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙනු ඇත.


නොවැම්බර් 2 පළමු T20 NCC පෙරවරු 10.00 ට ඇරඹේ
නොවැම්බර් 3 දෙවන T20 කෝල්ට්ස් පස්වරු 2.00 ට ඇරඹේ
නොවැම්බර් 5 තෙවන T20 කෝල්ට්ස් පෙරවරු 10.00. ට ඇරඹේ
නොවැම්බර් 7 සිව්වන T20 NCC පෙරවරු 10.00 ට ඇරඹේ
නොවැම්බර් 10 පස්වන T20 කෝල්ට්ස් පෙරවරු 10.00 ට ඇරඹේ


මේ වන විට මැලේසියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර මැලේසියාවට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණු විශාල ප්‍රමාණයක් ඇතුල්වීමට ඉඩ ඇත.ලෝක කුසලාන තරගාවලියේදී පරාජය වීම සඳහා බල පෑ පන්දු රැකීම,කඩුලු අතර දිවීමේ වේගය මදකම නිසා නිලකුණු වැඩි වීම වැනි කාරණා මෙහිදී මඟ හරවා ගැනීමට ලැබෙන අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ද වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට...

බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

UDA ප්‍රධානියා On’ally Holdings හි නව සභාපතිවරයා ලෙස පත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉදිකිරීම් සහ ජල...

කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති...