*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

නෙත්මිගෙන් රෙස්ලින් – අනිත් අයගෙන් ජම්පින්

ශ්‍රී ලංකාව වැනි රටකට මල්ලව පොර ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ගන්න ලැබුණේ මේ මෑතකදීය.ඒ පදක්කම ගත්ත නෙත්මි අහිංසා ප්‍රනාන්දු ඊට වඩා ඒම ක්‍රීඩාවෙන් විසල් රටවල් සමඟ හැප්පී මෙවර අවුරුදු 23 න් පහළ ලෝක සූරතාවලියේ දී ඉදිරියට පැමිණි නෙත්මි එහිදි පස්වන තැන දිනා ගැනීමට සමත් විය.ඇය ලොව ම දන්න මල්ලවපොර ක්‍රීඩිකාවක් ලෙස සිය වපසරිය සමඟම ලංකාවේ මල්ලව පොර අනන්‍යතාවය ද පළල් කරමින් සිටිය ද ඒ ලංකාවේ මල්ලව පොර සංයුතිය ඉතාම නිර්ලජ්ජිත ලෙස ඇයගේ අවස්ථාව ලෝකයෙන් පැහැර ගන්නට උත්සාහ දරමින් සිටියි.
නෙත්මි පස්වන තැන දිනා ගත් ස්පාඤ්ඤයේ පැවති අවුරුදු 23 න් පහළ ලොක සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් තිදෙනෙක්ම පළා ගොස් ඇත.ඒ හංසන මධුශංක රොද්‍රිගෝ ,සඳරුවන් ගුණවර්ධන සහ මධුශංක බණ්ඩාර යන තිදෙනායි.
මේ පළා යාම රටට අනුව ගත් විට මේ රාජ්‍යයේ තිබෙන අසමත්භාවය හේතු කරගෙන හැදී තියෙන පාස්පෝට් පෝලීමේ ඉන්න අයගේ කතාවේ කොටසකි.ඒ නිසා මේ රටෙන් ඈත්වන්නට තීරණය කරන පිරිස් වෙත කරන බලපෑම දේශපාලනමය වශයෙන් වූ අසමත්භාවය ගැනය.
නමුත් මේ පැන ගිය අයට තවත් විවේචනයක් ඇත.අවුරුදු 23 න් පහළ කියන්නේ අනාගත බලාපොරොත්තුය.නමුත් මේ සංචාරවලට සහභාගි වූ පිරිසට ක්‍රීඩා අමාත්‍යංශය ගුවන් ටිකට්පත හෝ ලබා දී නැත.අඩුම ගණනේ නෙත්මිට හෝ ලබා දී නැත.පදක්ම වෙලාවේ එහි දිස්නයෙන් බැබලෙන්නට බැලූ පෝලිම හිදී ගොස් අන්තිමට ආහාර වියදමක් හෝ ලබා දෙන්නට මැදිහත් වන්නේ ජාතික ඔලිම්පික් කමිටුවය.තරගාවලියට යන්නට ගුවන් ටිකට් පත් ලබා දෙන්නට නෙත්මි,චමෝද්‍යා පුහුණුකරු සුරංග සහ ක්‍රීඩක සඳරුවන් ගුණවර්ධන වෙනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මැදිහත් නොවුණානම් අවුරුදු 23 න් පහළ පස්වැනි තැන දිනා ගන්නට නෙත්මි හෝ ස්පාඤ්ඤයට යන්නේ නැත.
අන් ක්‍රීඩකයින් සියල්ල විදෙස්ගත වී ඇත්තේ මෙරටින් සාමාන්‍ය විදිහට පුද්ගලයෙක් යාම සඳහා වියදම් කර යුතු මුදල් අතින් වියදම් කරගෙනය.ඒ අතින් බලන විට දැන් බලධාරීන්ට ඇත්තේ රට නියෝජනය කර ගියා කියන පදය පමණය.නමුත් රටින් යන ඒ ගමණට රජය කිසිත් කර නැත.
එහෙත් ක්‍රීඩකයින් වශයෙන් තමන් කරන ලද ක්‍රීඩාවට ඔවුන්ගේ සුළු හෝ ආදරයක් තිබේනම් අවධානය නෙත්මි සිටින තත්ත්වය ගැන යොමු කරන්නට තිබිණ.එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදී මෙන්ම මෙම තරගාවලියේදී ද තරගාවලියට පැමිණ අතුරුදහන්වීම් ලෙස මේ තත්ත්වය වාර්තාවීම නිසා සමහර විට ශ්‍රී ලංකාවට විසා දීමේ කටයුතු අපහසු වීමට ඉඩ ඇත.ඒ පීඩනය සෘජුවම නෙත්මි කෙරෙහි පැමිණිය හැකිය.එළැඹෙන මාර්තු මස පැවත්වෙන ආසියාතික තරගාවලියේදී නෙත්මිට සිය බර පංතියේ සිව්වැනි තැනට ඒමට හැකි වුණොත් ඇය 2024 ඔලිම්පික් සඳහා ඉබේම නිර්දේශ ලබන්නේය.
එවැනි වාතාවරණයක තමන් ක්‍රීඩා කළ ක්‍රීඩාවට ජාත්‍යන්තරයේ සුවිශේෂ ස්ථානයකට මාවත සැකසෙමින් තිබියදී මෙසේ කිරීමට සිතිය යුතුද නැද්ද ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතුය.ඒ රටේ ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩාවට අවංක නොවීම වැනිම ගැටළුවකි.එසේම හංසන අතුරුදහන් වන්නේ ඓතිහාසික අවස්ථාවක් මඟ හරිමින්ය.ඒ සිය බර පංතියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේදී ය.එය පරාජය වුව ද පස්වෙනි තැන හිමි වේය.මෙැවි තරගාවලියක ලෝකඩ පදක්කම සඳහා තරග වදින්න නෙත්මි පමණක් නොව හංසන ද සුදුසුකම් ලබා ගැනීම රන් අකුරෙන් ලියවිය යුතු වුව ද,එය කළු පැල්ලමක් බවට පත් කරමින් ලෝකඩ පදක්කම සඳහා වූ තරගයට ඔහු නොපැමිණියේ පැන යාමේ කතාව ලෝකයට ප්‍රවෘත්තියක් කරමින්ය.
දැන් මේ ක්‍රීඩකයන්ගේ දෙමව්පියන් අද මල්ලව පොර සංගමයේ නිලධාරීන් කැඳවා ඇත.එහෙත් පීඩාව ඔවුන් පිට පටවා ගැටළුව විසඳා ගැනීමට හැකිද යන්න සැක සහිතය.වඩාත් වැදගත් වන්නේ මේ ක්‍රීඩකයින්ට වසර ගණනාවකට බලපාන පරිදි මල්ලව පොර ක්‍රීඩාවේ කිසිඳු දෙයකට සම්බන්ධ වෙන්න අවසර නොදී තහනම් කර එය ප්‍රසිද්ධ කිරීමය.එය ජීවිත කාලයට කළ යුතුත් නැත.දවසක ඔවුන් සමහර විට ඒ ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග ලංකාවට වඩා දියුණු පොළවක සිට හදාරා ලංකාවට ද දායක කරන්නට ඉඩ ඇත.
දැන් මේ පශ්චාත් පරීක්ෂණය සඳහා ඉඳගන්න අය සිතිය යුතු කාරණා ගණනාවක් ඇත.ඒ තරුණ හිත්වල පශ්චාත්තාප හැඟීමක්,ශුන්‍ය බවක් මේ දේශපාලන සමාජ පරිසරය විසින් සකසා අවසන්ය.බොහෝ අය නික්ම යන්නේ ඒ හිස් තැනෙන් ඉවතටය.සියල්ල හිස් වූ අවකාශ තුළ යම් මට්ටමක බලාපොරොත්තුවක්ව තිබෙන නෙත්මි වෙනුවෙන් ගත හැකිව තිබෙන හොඳම පියවර නිල වශයෙන් නිශ්චිත වසර ගණනකට මේ වන විට අතුරුදහන්ව සිටින ක්‍රීඩකයන්ට තහනමක් පනවා ජාත්‍යන්තරයට ද දැණුම් දීමය.දැඩිව හැසිරෙන බව පෙන්නීමය.
සංචාරයකදී මීට වඩා සැළකිළිමත් වීම වටින්නේය.එහිදි ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පැන ගිය පසු සාකච්ඡා කිරීමද කාලය කා දැමීමකි.පැන යාම වැළක්විමට කළ හැක්කක් වේද යන්න විමසා බැලීම වැදගත්ය.එහිදී නීති අණ පනත් මෙන්ම ඉන්නට හිතෙන රටක් බවට තරුණ අපේක්ෂාවන්ට පිපෙන්නට ඉඩ ඇති රටක් ලෙස පරිවර්ථනය කිරිමට ඊ ළඟ පරපුරට පාර පෙන්නන හැටි ද සැම පුරවැසියෙක්ටම අදාළය.සියලුම පුරවැසියන්ට රට ගැන සතුටු වෙන්න ආඩම්බර වෙන්න තිබෙන සීමිත සාධක අතර වැඩෙමින් තිබෙන නෙත්මි අහිංසා රැක ගැනීම ද පුරවැසි න්‍යාය පත්‍රයේ වගකීමක් කර සැළකිම වැදගත්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan