තෝරපු හිස් තැන් ආයෙත් මතු වෙයි – ලංකාව පහළට වැටෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ ( LNW ): ශ්‍රී ලංකාව තරගය පුරාම ඇෆ්ගනිස්තානයට සෑම අංශයකින්ම පසුපසින් සිටියේය.එහි ප්‍රතිපලය ලෙස ලකුණු සටහනේ පස්වන තැන සිටි ශ්‍රී ලංකාවට එම ස්ථානය ඇෆ්ගනිස්තානයට පවරා හයවන ස්ථානය දක්වා පහළට එන්නට සිඳු විය.

ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ඉණිම අරඹන්නට අවස්ථාවක් දිමුත් කරුණාරත්නට පවරා තිබිණ.පැතුම් නිශ්ශංක සහ දිමුත් ඉණිම ආරම්භ කළත්,කුසල් ජනිත් පෙරේරා වෙනුවට ඔහු ගැලපෙන ආදේශකයක් වූයේ නැත.අවසානයේ පන්දු සහ ලකුණු අතර ඇතිවන පරතරය වෙනස් කිරීමට සිය ශෛලියෙන් බැහැරව පන්දුවට පහර දෙන්නට උත්සාහ කළ දිමුත් ලකුණු 15 ට දැවී ගියේය.


ඇත්තටම ශ්‍රි ලංකා කණ්ඩායමට ඉණිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිශ්ශංක සමඟ යෙදවිය යුත්තේ කුසල් ජනිත්ගේ පන්නයේ ක්‍රීඩකයෙක් ද,දිමුත් කරුණාර්තන පන්නයේ ක්‍රීඩකයෙක් ද යන්න තේරුම් ගැනීම අපහසුය.මෙහි පෙණුමට අනුව තේරුම්ගත හැක්කේ නිත්‍ය වශයෙන්ම කුසල් ජනිත්ට සහයට යොදා ගැනීමට පැතුම් හෝ දිමුත් යෙදීමේ බලාපොරොත්තුවෙන් කණ්ඩායමක් තෝරා ඇති බවය.

පැතුම් සහ කුසල් මේණ්ඩිස් ද, කුසල් මේණ්ඩිස් සහ සදීර ද යම් ආකාරයක තැන්පත් වීමකින් තරගය ඉදිරියට රැඟෙන යන්නට උත්සාහ ගත්තද කුසල් මේ තරගාවලියේ පිට පිටම සිව්වන වතාවටත් එකම ආකාරයෙන් එල්ල කරන්නට උත්සාහ කරන පහරට ගොදුරු විය.අප ඹීට පෙර ද මේ තත්ත්වය පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙර තරගයේදී එංගලන්තයට එරෙහිව ලද ජය වත්මන් ලෝක සූරයින් පරාජය කිරීමක්ය.එහෙත් ඔවුන් ලෝක සූරයන් වුවත් මේ මොහොතේ සිටින්නේ මේ තරගාවලිය තුළ පතුලටම වැටීමෙන් අබලන්වය.ඒ නිසාම ඒ ජයග්‍රහණය දුර්වලයා පෙලා දැමීමක් වන්නේ එංගලන්තයද මේ ලෝක කුසලානයේ රිද්මය සොයා ගත නොහැකි තරමට අසරණව සිටින තත්ත්වයක් පෙන්වන බැවින්ය.නමුත් එම ජය හෑල්ලුවට ලක් කළ නොහැකි වන්නේ ඔවුන් සිය රිද්මය අල්ලා ගැනීමට සමත් වුවහොත් තරගාවලියේ ඉතිරි තරග සියල්ලම ඕනිම කණ්ඩායමකට පහර දිය හැකි මට්ටමට ප්‍රබල ක්‍රීඩකයින් ඔවුන්ට සිටින නිසාය.

ශ්‍රි ලංකා පිතිකරුවන් අතරින් වගකීමක් ඉටු නොවුණු බව සිතන්නට මහේෂ් තීක්ෂණ එම තණතීරුවේ පන්දුවට පහර දුන් ආකාරයම ගත හැකිය.එවැනි විශ්වාසයකින් හ්‍රී ලංකා කණ්ඩායමේ නමගිය පිතිකරුවන්ට පහරදීමට විශ්වාසයක් නොතිබි බව දැනෙන්නට තිබිණ.ඒ දෙගිඩියාව අවිශ්වාසයෙන් ක්‍රිඩා කිරීමය.මේ අවිශ්වාසය නිවැරදිව හඳුනාගෙන බැහැර කිරීම මේ වන විට සිදුවිය යුතු ප්‍රබලම වෙනස්කමය.එය සිඳු නොවන තාක් විශාල වැටුප් ගෙවමින් රඳවා ගන්නා විශේෂඥයන්ට කළ හැක්කේ කරක් වූ පිටි ගුලි මත අයිසින් තැවරීම පමණි.එහෙත් ඒවා හැඩ වෙනු හැර කෑමට සුදුසු ගුණාත්මක මට්ටමකට පත්වන්නේ නැත.

එහෙත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අවශ්‍යය විශ්වාසය ජයග්‍රහණයක් ලැබීමෙන් ඇති බව තීරණය කළ නොහැකි බව පැහැදිළිය.එවැනි විශ්වාසයට ගත හැකි අන්දමේ කණ්ඩායම් සංයුතියක් එහි නැත.ඊට වගකිව යුතු තේරීමේ ප්‍රධානියා මේ වන විට සිටින්නේ කණ්ඩායම සමඟ ඉන්දියාවේය.නමුත් ඔහුගේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අවදිය ගත්විට ද විහිළු සහ බොරුවලට ප්‍රකට චරිතයක් වූ බැවින් මේ දේවල් ගැන ඔහුට දුකක් වෙනුවට ප්‍රමෝදයක් ලබන්නට හැකියාවක් තියෙන බව සිතිය හැකිය.නැතිනම් දැන් 18 දෙනෙක් සංචිතයට ඇතුළත් වන සේ ඒ අතට මේ අතට ඇද්ද කණ්ඩායම ගැන සිතා මේ වන විටත් ඔහු සිය අස්වීමේ ලිපිය මේ තරගාවලියෙන් පසුව හෝ භාරගන්නා ලෙස කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ තිබිය යුතුය.

මේ තේරීම් සඳහා වගකිව යුත්තේ එක පාර්ශවයක් පමණක් නොවේය.තේරීම් කමිටුවට නම් කර වයන නම් අතරින් එම කණ්ඩායම තෝරා ගෙන අනුමැතිය දීමේ අවසාන බලය හිමිවන්නේ ක්‍රිඩා අමාත්‍යවරයාටය.කණ්ඩායම අවසාන වරට නම් කරන්නේ ද ජාතික තේරීම් කමිටුවේ උපදෙස් ද රැඟෙන ක්‍රිඩා අමාත්‍යවරයා ය.මේ සියලු තැන් හී අමාත්‍යවරයාට උපදෙස් දෙන්නට ජාතික ක්‍රිඩා සභාවද පසෙකින් සිටින්නේය.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු මේ රොත්තම එක වල්ලේ සිට මේ අසාර්ථකවීමේ වගකීම භාර ගත යුතුය.ජයග්‍රහණයට පියවරු පොර කෑව ද,පරාජයට එසේ නොවන්නේය.මේ සියල්ල ස්වාධිනව වැඩ කිරීමේ බලය ක්‍රීඩා පරිපාලන වෙත පැවරිය හැකිනම් ඔවුන්ට තනිව තේරීම් කමිටු ගැන,ක්‍රීඩකයින් තේරීම ගැන වගකීම පැවරෙන් අතර නමුත් දැන් සිඳුවී ඇත්තේ ඒ සඳහා වගකිවයුත්තන් රැසක් සිටියත් අවසාන වශයෙන් සියල්ල අත් සෝදාගෙන එය අදාළ ක්‍රීඩා සංගමයට පැවරීමය.එහෙත් මේ සාමූහික තීරණයේ මුලට ගිය පසු වන්නේ,එම සංගමයට හෝ සම්මේලනයට සිය තේරීම් කමිටුව වැරදි බව හැඟුණොත් ඉවත් කිරීමට නොහැකි වීමය.මන්ද එය අවසාන වශයෙන් නෛතික වන්නේ ක්‍රිඩා අමාත්‍යවරයාගේ තේරීමක් හැටියටය.

මේ අර්බූදයේ උප්පැන්නයේ වගකිවයුතු පියවරු බොහෝ වෙති.නමුත් මාතෘත්වය ශ්‍රි ලංකා ක්‍රිකට් සේ සළකා වැදීමට පහර දෙන පිරිස් හැදීමේ වගකීම පැවරුණු පිය පාර්ශවය නොදුටුවා සේ සිටිති.ඒ නිසා සමසුත ක්‍රීඩාවේ තිබෙන අවුලක් හැටියට මේ ප්‍රශ්නය හඳුනාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තනිව දඩුකදේ ගැසිය යුතු තැන් වෙනම කතා කරනු මිස සමූහ වරදකට එක් අයෙක් අල්ලා ගැනීමෙන් කරන්නේ තවත් වරද කරුවන් නිවැරදිකරුවන් ලෙස සමාජ ගත කිරීමේ වැරද්ද සිඳු කිරීමය.ඇතැම් විට තේරීම් කමිටු සමහර අවස්ථාවල එම ක්‍රීඩාවේ පරිපාලනයට එරෙහිව අමාත්‍යවරු සමඟ එක්ව තීරණ ගැනීමට කටයුතු කිරීම දැකිය හැකි අතර තේරීම් කමිටුව ගෙනා ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධ ප්‍රතිපත්තිය යම් අවස්ථාවල සසල වුණේ ද,ස්ථිර වුණේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් හරහාම නොවේය.එහි ඇතැම් තීරණ ගැනීමට සෘජුව ක්‍රීඩාවේ දේශපාලන අධිකාරිය සහ තේරිම් කමිටු එකඟ වූ තැන් ද තිබිණ.

කෙසේ වුව ඇෆගනිස්තානයට මේ තණතිල්ල තුළ ලබාගත හැකි ඉහළම ලකුණු ප්‍රමාණය ලබා නොගැනීමෙන් මිස අභියෝග කළ නොහැකි බව ඇත්තය.ඔවුන්ගේ මුල් අංක හතරේ පිකිකරුවන් සිටින්නේ දැඩි විශ්වාසයකින් පන්දුවට පහර දෙමින් ලකුණු අතරය.පන්දුව හොඳට දකිමින්ය.මේ තත්ත්වය මත ඇෆ්ගනිස්තානය පාලනය කිරීමටනම් එම තනතීරුවේ ලැබිය හැකි ඉහළම ලකුණු ප්‍රමානය ලැබීම අවශ්‍යය කාරණයකි.එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එම වගකීම මඟ හැරිණි.

ඇෆ්ගනිස්තානය සිය පිතකරණය ගැන විශ්වාසය ඇතුව දෙවන වර පන්දුවට පහරදීමට ගත් තීරණය පැහැදිළි වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණ සැළසුම් අනුවය.ඔවුන් හොඳ අධ්‍යයනයකින් පන්දු යැව්වේ ය.සිය ශාරිරික යෝග්‍යතාවය ගැන සුවිශාල පරීක්ෂණයකට භාජනය වුවත්,මානසිකව තරගයකට සූදානම් විම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිටින්නේ පසුපසින් බව පන්දුවට පහර දුන් අස්ථාවර විලාසය පැහැදිළි කරන්නේය.ක්‍රීඩකයින් මේ සම්බන්ධයෙන් සිතන්නේ අඩුවෙන් වන අතර ඇත්තේ අඩු අවබෝධයකි.ඔවුන් නැවත පොළවට කැඳවා ඔළුව එහි සිටුවීම මිස,වැදගත්ම තරගයක් අවස්ථාවක කළ වීඩියෝ ක්‍රිඩා ගැන ප්‍රචාරය කර වැඩක් නැත.ඒ මානසිකත්වය වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනෙන ක්‍රියාවක් අවශ්‍යය කර තිබෙන බව පැහැදිළිය.

සිතූ ලෙස ඇෆ්ගන් පිතිකරුවන් අතරින් අසාර්ථක වූයේ රහ්මදුල්ලා ගුර්බාස් පමණි.ඔහු ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට හැකි වුවද දෙවන කඩුල්ලට ලකුණු 73 ක් සහ තෙවන කඩුල්ලට ලකුණු 58 ක සබඳතා ගොනු විය.ලකුණු 131 සිට තරගය නිමාවන තෙක්ම සිව්වන කඩුල්ලට එකතු වූ නොබිඳි සබදතාවය ලකුණු 111 කි.අංක පහ පිතිකරු ලෙස පිටියට පිවිසි අහමතුල්ලාහ් ඔමර්ෂායි ට ද මේ තරගයේදී ලකුණු අතරට එන්නට ශ්‍රී ලංකාවේ උපකාරය ලැබුණු අතර ඔහු පන්දු 63 න් ලකුණු 73 ක් ලබාගෙන ඇෆ්ගන් කණ්ඩායමේ හොඳම ඉණිමේ හිමිකරු බවට පත් විය.

පහකින් ලකුණු විස්තරයට පිවිසෙන්නට හැකියාව ඇත.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/afghanistan-vs-sri-lanka-30th-match-1384421/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමේ වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...

පවුල් පිටින් නෙවෙයි කල්ලි පිටින්ම ටිකට් එක ඇදෙනවා. බලාගෙන ඉන්න – ඇමති විද්‍යාරත්න (VIDEO)

කොළඹ LNW:පසුගිය පාලන කාලය තුළ හොරකම විමධ්‍යගත ඇති අතර...

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගතහොත්?

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : ඉරානය සහ ඊශ්‍රායලය...

යළ කන්නයට ප්‍රමානවත් පොහොර තොග මෙරට තියෙනවා – නියෝජ්‍ය ඇමති නාමල්

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : යළ කන්නයට ප්‍රමානවත්...