ඩෙංගු අවදානම ඉහළට! කලාප 24ක අධිඅවදානම් තත්ත්වයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට රට පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැටඅටදහස් එකසිය දාහතරක් (68114) වන බවත් , ඒ අනුව රට තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කලාප 24ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව, එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

මේ මාසයේ ( ඔක්තෝබර්) මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තුන්දාස් හයසිය තිස් එකක් (3631) බව සඳහන් වේ.

ඒ අනුව එම සංඛ්‍යාව පසුගිය මාසයේ (සැප්තැම්බර්) වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...