25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය මහජන බැංකුව වෙතින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට දක්වන අපමණ සහයෝගය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකයා වීමට මහජන බැංකුව පසුගියදා ඉදිරිපත් විය.

මහජන බැංකු ප්‍රධාන ශාඛාවේදී 2023 ඔක්තෝබර් 27 වන දින පැවති සංකේතාත්මක උත්සවයකදී මෙම මහා අනුග්‍රහය නිල වශයෙන් සනිටුහන් කෙරුණු අතර , එහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/GM ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් විසින් මූලික කටයුතු සිදු වූ අතර ප්ලැටිනම් අනුග්‍රහය පිරිනැමීමේ සුවිශේෂී ගෞරවයද සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත එහිදී හිමි විය.

මෙහිදී, අපනයනකරුවන්ගේ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා විසින් මහජන බැංකුවේ ඇති කැපවීම සහ සුවිශේෂී දායකත්වය පිළිබඳ පැහැදිළි කලේය. ශ්‍රී ලංකා රජයේ නව ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රටේ අපනයන සැලකිය යුතු ලෙස වර්ධනය කිරීම සඳහා නව ක්‍රමෝපායන් හඳුන්වා දී ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සඳහා වන ඉහළම පිළිගැනීම ලෙස ප්‍රසිද්ධියට පත් ” 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල” 2023 නොවැම්බර් 23 වැනි බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...