ලෝක කුසලානය සිව් දින සංචාරයක

ලෝක කුසලානය සමඟ ජයග්‍රාහී ස්ප්‍රින්ග්බොක්ස් කණ්ඩායම දකුණු අපිකාවේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් එළැඹෙන බ්‍රහස්පතින්දා සිට සංචාරයක් අරඹනු ඇතැයි දකුණු අප්‍රිකානු රගර් සභාපති මාර්ක් ඇලෙක්සැන්ඩර් පවසනවා.

වැඩිම ජනගහනයක් සහිත කේප් ටවුන්, ඩර්බන්, ජොහැන්නස්බර්ග්, සොවෙටෝ සහ ප්‍රිටෝරියා නගර මෙහිදී ප්‍රධාන වශයෙන් ආනරණය වනු ඇතැයි අපේක්ෂා කරන අතර දකුණු අප්‍රිකාවේ කළු සුදු සියලු මිනිසුන් එක්ව ලෝකය ජය ගැනීමේ ශක්‍යතාවය තහවුරු කර ගත හැකි බවට වන ප්‍රකාශය සහතික කළ දකුණු අප්‍රිකානු ජයග්‍රහණයෙන් පසුව කණ්ඩායමට සමීප වීමේ අවස්ථාව දීමේදී කළු රග්බි ක්‍රීඩාවේ ඉතිහාසය, සංවර්ධනය සහ අනාගතය සළකා නැගෙනහිර කේප් හී බෆලෝ සිටි ජනතාවට වැඩි ඉඩක් සැළසීමට ගෙන ඇති තීරණය සාමූහික දකුණු අප්‍රිකාවක වැදගත්කම අමතක කළ බවක් පෙනෙන්නට තිබෙනවා.එය නෙල්සන් මැන්ඩේලා බේ වෙත අවධානය යොමු කිරීමට වඩා වැදගත් වූයේ කෙසේද යන්නත් මේ වන විට සාකච්ඡාවට බඳුන් වි තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකළත් විශාල උත්සවයක් එහි පැවත්වීමේ අපේක්ෂාවක් ඇති බව ද දකුණු අප්‍රිකානු සභාපතිවරයා පවසනවා.ඔහු සති 21 ක කාලයක් පුරා දකුනු අප්‍රිකානු ජනතාව සෑම තරගයක් වටාම මිලියන ගණනින් එක්ව දුන් ආශිර්වාදයට ගරු කරන බව පවසා තිබෙනවා.එසේම කාලය තුළ රට වෙනුවෙන් දැරූ වෙහෙසෙන් මිදී විවේක සුවය විඳ යථා තත්ත්වයට ඒමට ක්‍රීඩකයන්ට ඇති අවශ්‍යයතාවයද පෙන්වා දෙන සභාපතිවරයා ඉනික්බිති තවත් වසර හතරකින් එළැඹෙන ලෝක කුසලානය වෙනුවෙන් විය යුතු සූදානම ගැන ද අදහස් පළ කර තිබෙනවා.

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම අද දිනයේ දකුණු අප්‍රිකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතව තිබෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...