කඳුකරයට අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කඳුරට දෙමළ ජනතාව ශ්‍රී ලංකික සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙ අනුව වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සැපිරීම සනිටුහන් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකික පුරවැසියන් වන, වතු ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට, ආර්ථික හා වෘත්තිමය අවස්ථා ඇති කිරීමට සහ ස්ථිර පදිංචිය සහිත උසස් ජිවන තත්ත්වයක් ළගා කර දීමට කටයුතු කිරීමට යෝජනා වී ඇත.

ඒ සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමග එක්ව අදාළ වැඩසටහන් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ අධීක්ෂණය සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...