යුධ ගිනි ජාලා මැඳ ජීවිත ගිනි ජාලාවේ නලියන ගැහැනුන්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 01,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: සුඩානයේ මධ්‍යම ගෙසිරා ප්‍රාන්තයේ රට තුළ ඇවිලී යන කුරිරු සිවිල් යුද්ධයේදී පැරාමිලිටරි සටන්කාමීන්ගෙන් ලිංගික අතවරයට ලක්වීමෙන් පසු කාන්තාවන් කිහිප දෙනෙකු සිය ජීවිත බිලි දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන් විසින් චෝදනා කරනු ලැබීමෙන් පසුව පසුගිය සතියේ ප්‍රාන්තයේ සිදු වූ සමූහ ඝාතන ඇතුළු “කුරිරු අපරාධ” සම්බන්ධයෙන් පැරාමිලිටරි (RSF) බලකාවෙහි මෙම වාර්තා පැමිණ තිබේ.

RSF සටන්කාමීන් අඛණ්ඩව යුධමය වශයෙන් ඉදිරියට යාමත් සමඟ, ලිංගික අතවරවලට ලක් වේ යැයි බියෙන් සිය දිවි නසා ගැනීමට කල්පනා කරන කාන්තාවන් කිහිප දෙනෙක් ද ඒ අතර වන බව සඳහන්.

නමුත් RSF විසින්, මෑත කාලීනව සටන්කාමීන් මත ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහල යාමක් පිලිබඳව දොස් පවරමින් ප්‍රකාශ කළ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ප්‍රතික්ෂේප කරමින්, “ඒවා සාක්ෂි මත පදනම් වූ ඒවා නොවේ” යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ගැහැණිය යනු ඕනෑ එපාකම් පිරිමහන්න යුද්ධකාලයට අයත් සෙල්ලම් බඩු නොවන වඟ මෙම බලකායන් වුව ද තේරුම් ගත යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...