ගෝඨා සහ රනිල් පත් කළ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු කණ්ඩායමක් යළි කැඳවීමේ තීරණයක්!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විසින් දේශපාලන හිතවත්කම් මත පත්කරන ලද තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිරිසක් යළි කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය,එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව,එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ අබුඩාබි යන රටවල සිටින විදේශ සේවයේ නිලධාරිනුයි එලෙස කැඳවීමට තීරණය කර ඇත්තේ.

එලෙස මෙරටට යළි කැඳවන කණ්ඩායම 16 දෙනෙකුගෙන් සමන්විත බව සඳහන්.

තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ට අමතරව දේශපාලන හිතවත්කම් මත විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියුතුව සිටින සුළු නිලධාරීන් ද ඉදිරියේදී කැඳවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...