මහින්දගේ විශේෂ ප්‍රභූ ආරක්ෂාව අඩුකරයි. ත්‍රීරෝද රථයකුත් දෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60ක් දක්වා අඩුකර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, ඒ මහතාගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 60 දෙනෙක්, ජීප් රථ දෙකක්, යතුරු පැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් ලබාදී ඇත.

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගත් තීරණයකට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එම චක්‍රලේඛය අනුව අතිරික්ත නිලධාරීන්ගේ නාමලේඛනය හෙට (නොවැම්බර් 02) දිනට පෙර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබාදිය යුතු අතර අනිද්දා (නොවැම්බර් 03) දිනට පෙර නියමිත ප්‍රමාණයට වැඩියෙන් ඇති වාහන පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදිය යුතු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...