ගොඩගැසී තිබූ පැමිණිලි 24381 ක් විභාග කර අවසන්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ (LNW):

දිවයිනේ පොලිස්ථානවල විවිධ පැමිණිලි අංශවල ගොඩගැසී තිබූ පැමිණිලි 24381 ක්, සති දෙකක් ඇතුළත විභාග කර අවසන් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවැසීය.

මේ වනවිට පොලිස් ස්ථානවලට ලැබී ඇති විමර්ශන අරඹා නැති පැමිණිලි සහ විමර්ශන ආරම්භ කර අවසන් කර නැති පැමිණිලි සති දෙකක් තුළ කඩිනමින් විභාග කර අවසන් කරන ලෙසට වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර තිබුණි.

එහිදී, පසුගිය ඔක්තෝබර් 06 වැනිදා සිට 19 වැනිදා තෙක් කාලය තුළ විභාග කර අවසන් කර ඇති පැමිණිලි ගැන පළාත් මට්ටමින් වාර්තා කැඳවූ බවත් ඒ අනුව ගොඩගැසී තිබූ පැමිණිලි විසි අටදහස් තුන්සිය පනහකින් විසි හතර දහස් තුන්සිය අසූඑකක් විභාග කර අවසන් කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අලුතින් එකතු වූ පැමිණිලි ද සමගින් මේ වනවිට පොලිස් ස්ථානවල ගොඩගැසී ඇත්තේ පැමිණිලි 7000 ක පමණ ප්‍රමාණයක් පමණක් බවද ඒවා ද කඩිනමින් විභාග කර අවසන් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැව්සීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...