යුධ ගිනි ජාලා මැඳ ජීවිත ගිනි ජාලාවේ නලියන ගැහැනුන්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 01,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: සුඩානයේ මධ්‍යම ගෙසිරා ප්‍රාන්තයේ රට තුළ ඇවිලී යන කුරිරු සිවිල් යුද්ධයේදී පැරාමිලිටරි සටන්කාමීන්ගෙන් ලිංගික අතවරයට ලක්වීමෙන් පසු කාන්තාවන් කිහිප දෙනෙකු සිය ජීවිත බිලි දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන් විසින් චෝදනා කරනු ලැබීමෙන් පසුව පසුගිය සතියේ ප්‍රාන්තයේ සිදු වූ සමූහ ඝාතන ඇතුළු “කුරිරු අපරාධ” සම්බන්ධයෙන් පැරාමිලිටරි (RSF) බලකාවෙහි මෙම වාර්තා පැමිණ තිබේ.

RSF සටන්කාමීන් අඛණ්ඩව යුධමය වශයෙන් ඉදිරියට යාමත් සමඟ, ලිංගික අතවරවලට ලක් වේ යැයි බියෙන් සිය දිවි නසා ගැනීමට කල්පනා කරන කාන්තාවන් කිහිප දෙනෙක් ද ඒ අතර වන බව සඳහන්.

නමුත් RSF විසින්, මෑත කාලීනව සටන්කාමීන් මත ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහල යාමක් පිලිබඳව දොස් පවරමින් ප්‍රකාශ කළ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ප්‍රතික්ෂේප කරමින්, “ඒවා සාක්ෂි මත පදනම් වූ ඒවා නොවේ” යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ගැහැණිය යනු ඕනෑ එපාකම් පිරිමහන්න යුද්ධකාලයට අයත් සෙල්ලම් බඩු නොවන වඟ මෙම බලකායන් වුව ද තේරුම් ගත යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...