ගෝඨා සහ රනිල් පත් කළ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු කණ්ඩායමක් යළි කැඳවීමේ තීරණයක්!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විසින් දේශපාලන හිතවත්කම් මත පත්කරන ලද තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිරිසක් යළි කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය,එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව,එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ අබුඩාබි යන රටවල සිටින විදේශ සේවයේ නිලධාරිනුයි එලෙස කැඳවීමට තීරණය කර ඇත්තේ.

එලෙස මෙරටට යළි කැඳවන කණ්ඩායම 16 දෙනෙකුගෙන් සමන්විත බව සඳහන්.

තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ට අමතරව දේශපාලන හිතවත්කම් මත විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියුතුව සිටින සුළු නිලධාරීන් ද ඉදිරියේදී කැඳවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...