T10 මංගල තරගාවලියට කණ්ඩායම් නම්, නම් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 01,(LNW) කොළඹ :

දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත ලංකා T10 මංගල සුපර් ලීගය සඳහා ක්‍රීඩක කෙටුම්පත් කිරීම 2024 නොවැම්බර් 10 වන දින පැවැත්වීමට නියමිතව ඇත.එම කෙට්ම්පත් කිරීමට අදාළව අද දිනයේ ටී 10 කණ්ඩායම් කුමන නමකින් පෙනී සිටිනවා ද යන්න තීරණය කරන්නට යෙදිණි.
ප්‍රාදේශිය අනන්‍යතාවයන්,සංස්කෘතික වටපිටාව සහ ක්‍රිකට් ර්‍කීඩාව සමග ඇති සබඳකම් හී ස්වරුපය ආදියද සැළකිල්ලට ගනිමින් කණ්ඩායම් හයක්,නගර නාම මුලට යොදමින් නම් කරන්නට යෙදුණ අතර පහත දැක්වෙන්නේ එම කණ්ඩායම් නාම ලේඛණය ය.

  1. කලම්බු ස්ට්‍රයිකර්ස්
  2. Galle Marvels
  3. යාපනය ටයිටන්ස්
  4. මහනුවර බෝල්ට්ස්
  5. හම්බන්තොට බංග්ලා කොටි
  6. මීගමුව බ්‍රේව්ස්
    මෙහිදී මූලික වශයෙන් මූලික ලන්සු මුදල් 4 ක් යටතේ ක්‍රීඩකයින් වර්ග ගන්වා ඇත.ඒ කාණ්ඩයේ දී ඇමෙරිකානු ඩොලර් 35000 ක්,බී කාණ්ඩායේ දී ඇමෙරිකානු ඩොලර් 20000 ක් ද,සී කාණ්ඩයේදී ඇමෙරිකානු ඩොලර් 10000 ක් සහ ඩී කාණ්ඩයේ ඇමෙරිකානු ඩොලර් 2500 ක් මූලික ලංසු මුදල ලෙස ගණන් ගැනෙයි.ඩොලර් 2500 කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙක් මිලට ගැනීමට මෙන්ම අමතරව තවත් සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් ඇතුළත් කර ගැනීමට ද යොදා ගන්නට හැකියි.
    නවාබ් ෂාජි උල් මුල්ක්,ටී ටෙන් ග්ලෝබල් ස්පෝර්ට්ස් නිර්මාතෘ සහ සභාපති ලෙස මෙම තරගාවලිය සාර්ථක ලෙස ක්‍රීඩාවට සේවයක් වන අයුරෙන් නිමා කරන්නට සූදානම් බව පෙන්වා දෙයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...