චන්ද්‍රසිංහගේ සිංහ සෙයියාව

Date:

ක්‍රීඩකයෙක්ට අල්ලගෙන ඉන්න කියන දේ හුරුවෙන්න බොහෝ කාලයක් ගත වෙයි.ක්‍රිකට් වැනි ක්‍රීඩාවකදී පිතිකරුවෙක්ට ලකුණු ලබා ගැනීමේද වැදගත්ම දේ ඉවසීමය.ටෙස්ට් ක්‍රීඩකයෙකුට එය අතිශයින්ම වැදගත්ය.මේ ගුණාංග අවුරුදු 20 දී පෙන්නන ලංකා පුත්‍රයෙක් ගැන වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්ය.ඒ නිසා අපට ලාංකේය සම්භවය ගැන සතුටුවිය හැකි නමුත් ආඩම්බරයට පත්වීමේ අයිතිය ඇත්තේ ඕස්ට්‍රේලියාවටය.ඒ අපේ සතුට සහ ඕස්ට්‍රේලියාවේ ආඩම්බරය ඈෂ්ලි පිලිප් චන්ද්‍රසිංහ ය.
ඔහු ෂෙපීල්ඩ් තරගාවලිය නියෝජනයට සුදුසුකම් ලබා ගන්නේ අවුරුදු 20 දි ය.පළමු තරගය පැවත්වෙන්නේ ටෂ්මේනියාවට එරෙහිවය.ඇත්තම තත්ත්වයට අනුව මේ සටහන තැබෙන අදත් (නොවැම්බර් පළමුවැනිදා) මේ මොහොතේ තරගය පැවත්වෙමින් ඇත.මේ තරගයේ පළමු ඉණිමේ දී සිය පළමු ෂෙපිල්ඩ් ඉණිමට ඔහු පිටියට එන විට වික්ටෝරියා ලකුණු පූවරුව කඩුලු 1 ට ලකුණු 52 ක් විය.පන්දු යවමින් සිටින්නේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 221 ක් දවාගෙන සිටින පීටර් සිඩ්ල් ය.ඒත් ඔහු කණ්ඩායමක කොදු නාරටිය වැනි ස්ථානයක් වන අංක තුන පිතිකරුවා වෙන්නට සුදුසුකම් ලබන ආකාරයේ විශ්වාසය වික්ටෝරියානුවන්ට තිබිණ.ඔහු කළේ ඒ විශ්වාසය රැක ගැනීමය.පන්දු 333 ට මුහුණ දුන්න ද ඈෂ් දවා ගැනීමට පීටර් ප්‍රමුඛ ටෂ්මේනියානුවන්ට නොහැකි විය.ඕස්ට්‍රේලියාවට නායකත්වය දුන් ටිම් පේන් ද කඩුල්ල පිටුපස සිට මේ තරුණ හාදයා දවාගන්න උපාය සැකසීමට දායක විය.අවසානයේ ඔහු වික්ටෝරියා ලකුණු පූවරුවට නොදැවි ලකුණු 119 කක් එකතු කර තිබිණ.ඔහු පන්දු 311ක් වැය කර ලැබූ ශතකය මන්දගාමී ශතක අතර ඉහළින්ම ඉතිහාසයට එක් විය.එය මන්දගාමී නොව අවුරුදු 20 ක් තරුණයෙක්ගේ පුදුමාකාර ඉවසීම පැහැදිළි කරන්නකි.


ඔහු ඔක්තෝම්බර් 28 වන දින ඇරඹෙන මේ තරගයට සුදුසුකම් ලබා ගත්තේ 2021 – 2012 තරග වාරයේ වික්ටෝරියා දෙවන පෙළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් ලකුණු 423ක් ලබා ගැනීම පදනම් කරගෙනය. එහි සාමාන්‍ය සටහන් වූයේ 84.60ක් ලෙසිනි. 2022 අගෝස්තු මාසයේදී චන්ද්‍රසිංහ ඩාවින් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පිට පිට ශතක පහක් ලබා ගනිමින් නව වාර්තාවක් පිහිටුවීය. 2022 සැප්තැම්බර් මාසයේදී ඔහුට රැල්ෆ් වයිස් පදක්කම හිමි කර ගැනීමට එය හේතු විය.ඒ නිසා වික්ටෝරියා කණ්ඩායම මේ තරගයේදී ඕස්ට්‍රේලියා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ සහ ඉකුත් වසරේ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ සහ එහිදී ද අර්ධ ශතකයක් ලැබූ විල් පොකොව්ස්කි වෙනුවට මෙම තරගයට ඈෂ් කැඳවන්නට තීරණය කරනවා.


ටෙස්ට් ක්‍රීඩකයෙකුගේ ස්ථානයකට පිවිස තමන් කෙතරම් දක්ෂදැයි තහවුරු කළ මේ තරුණයා හෙට දවසේ ඕස්‍රට්‍රේලියාව නියෝජනය කරන පළමු ලාංකේය ක්‍රීඩකයා වන්නටත් පුළුවන්.ඔහුට තවමත් අවුරුදු 20 යි.ඒ අනුව බලන කොට ඔහු එරට ජාතික කණ්ඩායමට සුදුසුකම් නොලැබුවත් අනාගතයේදී තව බොහෝ කාලයක් ඔහුගේ දස්කම් ගැන කතා කරන්නට අපට අවස්ථාව හිමිවන බවනම් නිසැකයි.
ලංකාවේ මොරටුව ප්‍රදේශයට මුල් ඇඳෙන චන්ද්‍රසිංහ වැනි ක්‍රීඩකයෙක් ලංකාවෙන් පිටත රැඳෙන්නේ ඇයි?එසේම ලංකාවේ හිටියානම් මේ මොහොතේ මෙවැනි සටහනක් ඔහු වෙනුවෙන් තබන්නට අපට හැකි වෙයිද?ප්‍රශ්න සිතීමට වඩා මේ ලංකා පුත්‍රයාට අපේ ලාංකේයකම ගැන සතුටු වෙන්නට හැකි ක්‍රීඩා රටාවකට සුබ පතමු!



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...