මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 22ක් වටිනා වෛද්‍ය ආධාර!

Date:

ඊයේ (31) දින මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාවට රිංගිත් 288,610.00 (රු. මිලියන 22.3) ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කර ඇත. ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා කොළඹ වෙත එම ඖෂධ තොගය භාර දෙන ලදී.

මෙම ඖෂධ තොගය අතර, ජීවිතයට තර්ජනයක් විය හැකි දිලීර ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙන ඇම්ෆොටෙරිසින් බී එන්නත් 50 mg කුප්පි 1,000ක්, රුධිර කැටි ගැසීමේ හැකියාව අඩු කිරීමට සහ රුධිර නාල වල හානිකර කැටි ගැසීම් වළක්වා ගැනීමට යොදා ගැනෙන 25,000 I.U/5 ml ප්‍රමාණයේ Heparin එන්නත් 20,000ක්, සහ ශ්වසන ආබාධවලට යොදා ගැනෙන 10 ml එන්නත් ලෙස ලබා දෙන Aminophylline 25 ml ඇම්පියුලර් 10,000 ක් අතර ඇත.

මෙම ඖෂධ තොගය මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත එරට සෞඛ්‍ය අමාත්‍ය ඛයිරි ජමාලුදීන් මහතා විසින් පිළිගන්වන ලදී.

මැලේසියාවේ පුත්‍රජයහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණු අතර එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊට සහභාගි වූහ.

මෙම දායකත්වය මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප සබඳතා සහ මිත්‍රත්වය සහ වත්මන් සමාජ-ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහාය වීම සංකේතවත් කරන අතර, මෙම කාලය තුළ මැලේසියාව ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා සහාය වනු ඇතැයි බලාපොරොත්තු වේ.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...