ආහාර හිඟයක් ගැන බියවෙන්න එපා – රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්!

Date:

කොළඹ LNW:ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

දේශීය කිරි අවශ්‍යතාවයෙන් මෙතෙක් නිෂ්පාදනය කරනු ලැබුවේ 40%ක ප්‍රමාණයක් වුවත් එය දෙගුණයක් කිරීමට අවශ්‍ය පියවර මේ විට ගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය රජයක් ලෙස ලබා දී තිබෙන බවත් එහි දී වැඩිම අවධානයක් යොමුකර සිටියේ ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

”ඒ නිසා ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නියමාකාරව ලබා දීමට සමත් වැඩපිළිවෙළක්ද පශු සම්පත් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.පසුගිය සමයේ මෙරට දියර කිරි නිෂ්පාදනය වූයේ අවශ්‍ය ප්‍රමාණයෙන් 40%ක් පමණයි. මේ තත්ත්වය සළකා බලා දියර කිරි නිෂ්පාදනය දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම තෘණ වගාව වර්ධනය කිරීමට මෙන්ම ගවයන්ගේ ගුණාත්මකභාවය සහ පෝෂණ තත්ත්වය වැඩි කිරීමටත් පියවර ගෙන තිබෙනවා. සතුන්ට අවශ්‍ය ආහාර අඩුවක් නැතිව සැපයීම මඟින් දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව පවතිනවා. ජාතික කිරි අවශ්‍යතාවය පිරිමැසීම සඳහා අනයනික පිටි කිරි මත පැවතීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රම භාවිතා කළ යුතුයි. ජනතාව දියර කිරි භාවිතය සඳහා පෙළඹවීමට අවශ්‍යයි. එහිදී දියර කිරි ලබාගැනීම ජනාතවට පහසු කිරීම සඳහා ජංගම අලෙවි රථ යොදා ගැනීමටත් අවධානය යොමු කර තිබෙනවා. දියර කිරි පැකට් කර අලෙවි කිරීමටත් පියවර ගන්නවා. වර්තමානය වන විට සත්ව ආහාර ආනයනයට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සහන ලබාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. වැසී තිබෙන සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය නැවත ආරම්භ කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම කුකුළු කර්මාන්තය ප්‍රවර්ධන සඳහා මව් සතුන් ප්‍රමාණය 85,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ අනුව වැසුණු කුකුළු ගොවිපලවල් නැවත විවෘත කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...