රජය ගත් තවත් දැඩි තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):

විවිධ හේතූන් මත , වීසා නොමැතිව මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ.

එහිදී, වීසා නොමැතිව මෙරට තුළ රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දී ඇති අතර, ඊශ්‍රායලය, පාකිස්තානය, ඉන්දියාව, රුසියාව, මියන්මාරය, නයිජීරියාව, චීනය ඇතුළු රටවල් රැසකින් මෙරටට පැමිණ වීසා නොමැතිව රැකියාවල යෙදී සිටින විදේශිකයන් ගැන ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

තවද මෙරට හෝටල් පවත්වාගෙන යන විදේශිකයන් ගැනද අනාවරණය වී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...