ගූගල් සමා­ග­මට පැනවූ අරුම පුදුම දඩය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක (Russian Court Penalizes Google $20,000,000,000,000,000,000,000,000,000,000,000) දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ, මේ ගණ­නය ඉල­ක්ක­මින් සඳ­හන් කරද්දී එය බිංදු 33ක අග­යක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමා­ණයේ විශාල අග­ය­කින් යුතු එම දඩ මුදල සමස්ත ලෝක­යේම දළ දේශීය නිෂ්පා­දි­ත­යට වඩා වැඩි බවත්ය.

තවද, ගූගල් සමා­ගම ලොව ධන­වත්ම සමා­ග­මක් ලෙස ප්‍රකට වුවද එහි මුළු වටි­නා­කම පවා ඩොලර් ට්‍රිලි­යන 3කට ආසන්න බවත්, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ මුළු වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 110ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළ අතර, රුසි­යානු අධි­ක­ර­ණය විසින් පන­වනු ලැබූ එම අති­වි­ශාල දඩ මුදල ප්‍රකාශ කිරී­මට පවා අසීරු බව රුසි­යානු ජනා­ධි­පති මන්දි­රයේ ප්‍රකා­ශක දිමිත්‍රි පෙස්කොව් සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.

එහෙත් මේ නඩු තීන්දුව පිළි­බඳ ගූගල් සමා­ගම දැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුව ඇතැයි ද ඔහු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇති අතර, මේ පිළි­බඳ ගූගල් සමා­ගම මෙතෙක් කිසිදු ප්‍රති­චා­ර­යක් දක්වා නැති බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...