රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW:
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද වැටලීමකදී, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංකගේ මෙරට ජාලය මෙහෙයවූ බවට සැකකෙරෙන ප්‍රධාන කාන්තා සැකකාරියක් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස අබේසේකර පාරේ පිහිටි නිවසක් ඉදිරිපිටදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් හැටදෙකයි මිලිග්‍රෑම් දෙසීයක් පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත්වී ඇත.
මූලික පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ සැකකාරිය දිගු කලක සිට මෙම නීතිවිරෝධී ජාවාරම පවත්වාගෙන යාමට සෘජුවම දායක වී ඇති බවයි.
අනතුරුව, අත්අඩංගුවට ගත් සැකකාරිය සහ අත්පත් කරගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


