ඇ.ඩො.58,000ක් වටිනා ඖෂධ ආධාර බංග්ලාදේශයෙන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි සතියේ බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ලැබීමට නියමිත බව සඳහන් වේ.

මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග පැවති හමුවකදී පවසා ඇත්තේ, එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක්ද ඇති බවයි.

එමෙන්ම පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ද ඒ අතර ඇති බවද මහකොමසාරිස්වරයා පවසා ඇත.

තව දුරටත් බංග්ලාදේශ මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ, බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානය සඳහා පියවර ගැනීම පිළිබඳව බංග්ලාදේශ රජයට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ස්තූතිය පළ කර ඇත,

මෙරට ඖෂධ හිඟයට පිළියමක් ලෙස දෙරට අතර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගුකාලීන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...