අප ලක් රජය සමඟ සමීපව සිටිනවා ! ඉන්දීය නිවාස වැඩසටහනේ පළමු අදියරේදී නිර්මලා සීතාරාමන් කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සපිරීම නිමිත්තෙන් අද (02) කොළඹ පැවති උත්සවයකදී , ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්‍යක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ ඉන්දීය නිවාස වැඩසටහනේ පළමු අදියර යටතේ කොටගල, දිඹුල ප්‍රදේශයේ නිවාස 10,000ක් සඳහාඩිජිටල් ක්‍රමය හරහා මුල්ගල් තැබීමේ කටයුත්තයි.

ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

කඳුකර වතු ජනතාව සඳහා පර්චස් 10 බැගින් ඉඩම් ඔප්පු ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත,.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පැවසූ අදහස්,

“ඉන්දියාව ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් අසාමාන්‍ය අන්දමේ ඩොලර් බිලියන 04 ඉක්මවූ මූල්‍යාධාර ලබාදුන්නා. ශ්‍රී ලංකාව සඳහාවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත කිරීම සඳහා ඉන්දියාව තමයි මුලින්ම මූල්‍ය සහතිකයක් ලබාදුන්නේ. අනෙක් රටවලුත් ඒ මඟ යමින් ශ්‍රී ලංකාවට සහාය ලබාදුන්නා. සැබෑ මිතුරෙකු ලෙස මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලදී සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කරනවා. දෙරටේ තිරසර සංවර්ධනය සහ සශ්‍රීකත්වය උදෙසා නිශ්චිත ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සම්බන්ධයෙන් පොදු දැක්මක් අපේ නායකයන් මේ වසරේ ජුලී මාසයේදී ප්‍රකාශයට පත් කළා. අපේ නායකත්වය ලබාදුන් ඒ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා ශිෂ්ටාචාරයක් පැවතුණු අපේ මිතුරුදම් යොවුන් පෙළට අවධානය යොමුවන ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පැවසීමට මම මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. එවැනි සම්බන්ධතා ව්‍යාපෘති දැනටමත් ආරම්භ වී තිබෙනවා. මෑතකදී ආරම්භවූ ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා සහ ළඟදීම ආරම්භ කෙරෙන ඩිජිටල් මුදල් හුවමාරු සේවාව එහිදී විශේෂයෙන් සඳහන් කළ හැකියි. හඳුනාගත් අනෙකුත් ක්ෂේත්‍රයන් පිළිබඳවත් අප ලක් රජය සමඟ සමීපව කටයුතු කරනවා.” ලෙස ඇය කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...