*
Wednesday, December 11, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක SIGNATURE

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 03,(LNW) කොළඹ :

රටක ක්‍රීඩාව ලෝකය ජය ගැනීම කියන්නෙ රටේ හැම කේෂ්ත්‍රයකටම ජයග්‍රහණය කරා පාර පෙන්නීමක්.දිනන දේ සොයා ගෙන ඒ සමඟ ඉදිරියට යාමේ ගුණය සොයා ගැනීම කියන දේ කරන්න හොඳ ව්‍යාපාරික බුද්ධියක් අවශ්‍යය වෙනවා.මෙන්න මේ කරුණු දෙකේ අපූරු පෑහීමක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී සිඳු වුණා.


පළමු වරට සිඳු නොවුණ ද,විවේචන ගැරහුම් මැද ගෙවෙන නරක කාලයත්,හොඳ කාලයත් නොසළකා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සිටි SIGNATURE යළිත් මේ මොහොතේ තමන්ගේ සබැඳීයාව කාන්තා සහ පිරිමි කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් නිල සහ සාමාන්‍ය අවස්ථාවන් සඳහා පෙනී සිටීමේ මොහොතවල්වලට SIGNATURE වස්ත්‍රයන්ගෙන් සැරසෙන්නට නිල වශයෙන් ගිවිසුම් ගත වීම සිඳු වුණා.


සිග්නේචර් වෙන,එහෙම නැත්නම් තනි දෙයක් තමයි.ඒත් ඊට වඩා හමීඩියා හෙවන යට ආශිර්වාදය,රැකවරණය මෙන්ම මඟ පෙන්වීම සමඟින් ඉන්න නිසා ඒ හෙවනැල්ලෙ ආවරණය සිසිලක් දනවන සවියක් වෙලා තියෙන බව පැහැදිළියි.ඒ නිසා හමීඩියා කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසීල් හමීඩ් වගේම සිග්නේචර් අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ් ද මේ අවස්ථාවෙ සිය ආයතනික අනන්‍යතාවය තහවුරු කරන්න පෙරමුණේ අසුන් ගෙන සිටියා.


ක්‍රිකට් බ්‍රෑන්ඩ් එකක් විදිහට ව්‍යාපාරික කේෂ්ත්‍රයට අදාළ වචනයෙන් හඳුනා ගත්තම මේ වැඩේ බ්‍රෑන්ඩ් දෙකක හමුවීමක් හැටියට ගන්නත් පුළුවන්.මේ බ්‍රෑන්ඩ් එක ක්‍රිකට් පැත්තෙන් ගත්තම ඉස්සර වගෙ ගෑණු පිරිමි කියලා දුර නැහැ.දක්ෂතා ගත්තත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද ලංකාවෙ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව තරමටම ලෝකය දන්නවා.දැන් ඒ නිසා ලංකාවෙ තියෙන්නෙ ස්ත්‍රී පුරුෂ කියා ප්‍රබේද කරපු ක්‍රිකට් ක්‍රීඩාවක් වෙනුවට ශ්‍රී ලාංකේය ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එක විතරයි.


ඒත් මේ ශරීරවල පිහිටීමේ හැඩය වෙනස්.ඒක ඉතිං ජෛව විද්‍යාත්මකව නිර්මාණශීලීව සිඳු වූ දෙයක්.ඒකෙ ඊ ළඟ පලය කැමත්ත ඉක්මවා ව්‍යාපාරයක් වෙන තැනට සිග්නේචර් රැඟෙන ඇවිත් කියන කාරණය වෙනස්ම විදිහකට කතා කරන්න වටින වැඩක්.ඒ මේ සබඳතා ජාතික වශයෙන් එක් එක් පාර්ශවයන් වෙනස් කරමින් අලුත් කරමින් කීර්තිය පළල් කිරීම සඳහා දෙන දායකත්වය නිසයි.


සිග්නේචර් පිරිමි වැඩක්.ඒවා නිර්මාණය වෙන්නෙ පිරිමි සඳහා.ඒත් ක්‍රිකට් කියන්නෙ ලිංග බේදයකින් දෙපැත්තකට කරලා තියන්න බැරි ක්‍රීඩාවක්.එහෙම නිසා සිග්නේචර්ට සිඳු වෙනවා කාන්තා ඇඳුම් මහන්න.මේ කණ්ඩායම් දෙකට කාන්තා ඇඳුම් මහන ප්‍රවීනයන් කැඳවා ආයෙ යන්න කියන්න සහ එන්න කියන්න කියන ප්‍රායෝගික කාරණාවට වඩා ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයක් තියාගන්න එක වැදගත්.එහෙම වුණාම රට ලෝකෙට අරගෙන යන ක්‍රීකට් ක්‍රීඩකයන්ගෙ ඇඟේ දැවටිලා තමන්ගේ ක්‍රිකට් ආදරය පමණක් නෙමෙයි,ව්‍යාපාරයත් යන බව ඔවුන් දන්නවා.


ඒ නිසා කිහිප දෙනෙකු වෙනුවෙන් වුණත්,තමන්ගේ වෙළද පොළ වටිනාකම වෙනුවෙන් වැඩේ හරියටම කරන්න අවශ්‍යය කරන සිග්නේචර් උවමනාව,දැන් සිග්නේචර් කාන්තා ඇඳුම් නිර්මාණයට ඇඳගෙන ආපු බව ඉමාඩ් කියන්නෙ,ක්‍රිකට්වලට පිටියේ හතර අතේ පෙරළි කරන අතරේම මහා ව්‍යාපාර හා බැදුණු අනන්‍යතාවයන් ද සෑහෙන වෙනස් කිරීම්වලට භාජනය කරමින් සුබ දිසාවන්ට කැඳවා ගෙන යා හැකි බව නොවේද?


මේ සිග්නේචර් ක්‍රිකට් එක්ක නැඟී සිටින අතරේ ලාංකේය ව්‍යාපාර කරන දේශීය ව්‍යාපාරිකයන් සියල්ලගේම දෑස් වල තිමිර ඉරා වැටෙන නව දර්ශනයක් ප්‍රදර්ශනය කරන බවත් ඇත්ත.ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ඉඟි කළ ආකරයට ලෝකය ජය ගත්ත ලංකාවෙ ක්‍රිකට් එක්ක දේශීය නිෂ්පාදනවලට ලෝකයට යන්නත් ඉඩ තියෙනවා.හැබැයි පාර පහසුයි වුණාට ඒ පාරට ප්‍රවේශ වෙන්න ටිකක් දුෂ්කර වෙයි.ඒ සඳහා නිෂ්පාදනයෙ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමෙන් පවතින්න අවශ්‍යය වෙනවා.ක්‍රිකට් වැනි ලෝක වටිනාකමක් ඇති එකක් සමඟ පෑහෙන්න පුළුවන් ආර්ථික තත්ත්වයකට එන්නත් වෙනවා.ඒ නිසා තමන්ගෙ දේශිය ව්‍යාපාරය හොඳ ගුණාත්මක මට්ටමකින් පවත්වාගෙන යන අතරේම එය ඉහළ ආදායමක් තියෙන,වෙළද පොළ විශ්වාස කරන හොඳ ආදායමක් ලබන ව්‍යාපාරයක් කරන්න මහන්සියෙන් කැපවෙන්නත් අවශ්‍යය වෙනවා.


රටක් හැටියට ඉස්සරහට යන්න ලෝකයක් වටින එක දෙයක් තියෙන කොට,ඒ ගුණාත්මකභාවයම තියෙන තවත් දේ සඳහා එහි ආශිර්වාදය ලබා ගන්න පුළුවන් කියන කාරණයත් රටක් හැටියට අපේ ව්‍යාපාරිකයො ඔළුවට ගත්තොත් SIGNATUREවලට පමණක් නෙමෙයි ඔබටත් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක පෙරට යන්න ඔවුන්ටත් තමන්ගේ නිෂ්පාදනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක තමන්ගේ SIGNATURE එක තබන්න පුළුවන් ඉඩක් තියෙනවා.


පළදින ඇඳුම කියන දේ හරි විශේෂයි.ඒක අපිව හඳුනාගන්න වගේම පිළිගන්නත් යම් සහයක් ලබා දෙනවා.ලෝකය දන්න ජාතික කණ්ඩායමක අනන්‍යතාවය සහ පෞරුෂය රකින ආකාරයට ගුණාත්මක ඇඳුමක් නිර්මාණය කිරිම පහසු දෙයක් නෙමෙයි.මේ මොහොතෙ SIGNATURE කර තිබෙන්නෙ ඒ අභියෝගය සාර්ථකව ජය ගැනීමෙන් නොනැවතී තවත් අයට යා හැකි මාර්ගයක් සනිටුහන් කර පෙන්වීමයි.මේ මොහොතට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා වගේම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනාංජය ද සිල්වා වගේම එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංකත් සම්බන්ධ වුණා.ඔවුන් දෙදෙනා වගේම කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් සම්බන්ධ වුණ හර්ෂිතා සමරවික්‍රමත් කිව්වෙ SIGNATURE එක්ක තියෙන ගමණට තියෙන කැමත්ත


ඒ වගෙම ශ්‍රී ලංකා ක්‍රිකට් චමරි නැති මොහොතක ඒ වෙනුවට හර්ෂිතා තෝරා ගැනීමත් වැදගත් වෙයි.මොකද චමරි යටතෙ නායකත්වයට සූදානම් විය යුතු ඊළඟ පරම්පරාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය යොමු වී තිබෙන බව පෙනීමත් SIGNATURE එකතු වීම වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන ජයග්‍රාහී සළකුණක්.
මේ අවස්ථාව නියෝජනය කරන්නට ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිඩකයන් එක්ව සිටි අතර පුහුණුකරු සනත් ජයසූරිය මෙන්ම කළමණාකාරු මහින්ද හලංගොඩත් එක්ව සිටියා.කාන්තා කණ්ඩායම වෙනුවෙනුත් ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරු රොමේෂ් රත්නායක මෙන්ම කළමණාකරු නිශාන්ත ද සිල්වාත් එක්ව සිටියා.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan