සටහන – පුලී
නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස කිරුළු පැළඳ සිටින සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ උපන්දිනය වෙනුවෙන් සෑම වසරකම මුම්බායි නුවර පිහිටි ඔහුගේ ‘මන්නත්’ නිවස ඉදිරිපිට රසිකයන් දහස් ගණනක් රැස්වීම සාමාන්‍ය දසුනක්. නමුත් මෙවර උපන්දිනයේදී සුපුරුදු මධ්‍යම රාත්‍රී රසික හමුවට ෂාරුක් පැමිණියේ නැහැ. ඒත් තමන් වෙනුවෙන් පැමිණි ආදරණීය රසිකයන් හිස් අතින් ආපසු යවන්න ඔහු සූදානම් වුණේ නැහැ.
61 වැනි උපන්දිනය සැමරූ ෂාරුක්, මෙවර රසිකයන්ට සිය ආදරය පළ කළේ තරමක් වෙනස්ම ආකාරයකින්. මන්නත් නිවස ඉදිරිපිට සවි කළ දැවැන්ත ප්‍රොජෙක්ටරයක් හරහා ඔහුගේ අතින්ම ලියූ විශේෂ ස්තුති පණිවිඩයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණා.
එහි සඳහන් වූයේ, “ඔබ සැමගේ සුබපැතුම් සහ ආදරයට ස්තුතියි. මගේ ආදරයත් ඔබ සැමට නැවත එවනවා” යනුවෙන්. අවසානයේ ‘lots of love and a big hug’ යනුවෙන්ද සටහන් කරමින් ඔහු සිය රසිකයන්ට ආදරණීය පණිවිඩයක් එක් කර තිබුණා.
ඒ විතරක් නෙවෙයි, ෂාරුක්ගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘King’ චිත්‍රපටයේ විශේෂ දර්ශන කිහිපයක්ද දැවැන්ත තිර මත ප්‍රදර්ශනය කර තිබීම රසිකයන්ට තවත් අමතර තෑග්ගක් වුණා.
තමන්ගේ උපන්දිනය සමරන්න මධ්‍යම රාත්‍රියේ සිට මන්නත් ඉදිරිපිට බලා සිටි දහස් සංඛ්‍යාත රසිකයන්ට ෂාරුක් ලබාදුන් මේ පුංචි පණිවිඩය නම් ඔවුන්ට අමතක නොවන උපන්දින මතකයක් වූවාට සැකයක් නැහැ.
මොකද සුපිරි තරුවක් වීමට විශාල තිරයක් අවශ්‍ය වුණත්, රසික හදවත් දිනාගැනීමට සමහර වෙලාවට අවශ්‍ය වෙන්නේ ආදරණීය වචන කිහිපයක් විතරයි!

