පරවි කූඩුවට ගිජු ලිහිණියෙක් කඩන් පාත්වුනා ද? ට්විටර් සමාගමේ 3,700 කට රැකියා අහිමි වන ලකුණු!

Date:

ට්විටර් සමාගම ටෙස්ලා අධිපති ඊලෝන් මස්ක් මිලදී ගැනීමෙන් පසු සිදුවූ වෙනස්කම් රැසක් ගැන පසුගිය දිනවල වාර්තා පළවී තිබිණි. මස්ක් පවසා සිටියේ තමා ට්විටර් සමාගම “මුදවා ගත්” බවයි.

එහෙත් ඔහු සැබවින්ම ට්විටර් සමාගම මුදවා ගත්තේ ද යන්න ගැටළුවකි.

මස්ක් ට්විටර් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් නෙරපා දමා ඇති අතර, ඔහු එම සමාගමේ එකම අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට සූදානම් වන බව මීට ඉහත පළවූ මාධ්‍ය වාර්තා දක්වා තිබිණි.

තව ද, ට්විටර් සමාගම කටයුතු කරන්නේ “වාමවාදී ව” බව චෝදනා කළ මස්ක්, “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස” සැමට තිබිය යුතු බව පවසමින් බරපතල සමාජ විරෝධී ක්‍රියා රැසක් මත තම ට්විටර් ගිණුම් සදහටම අහිමිව ගිය පුද්ගලයන්ගේ ගිණුම් යළි යථා තත්ත්වයට පත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වී තිබිණි. මින් දරුණුතම නිදසුන වනුයේ පුද්ගලයන් සිව් දෙනෙකුට මරු කැඳවමින් උමතු රිපබ්ලිකානුවන් විසින් දියත් කළ කැපිටල් හිල් කෝලාහලය තම සමාජ මාධ්‍ය ඔස්සේ මෙහෙයවූ බවට විමර්ශන ඔස්සේ අනාවරණය වීම මත තම ට්විටර් ගිණුම සදහටම අහිමි වී ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම යළි යථා තත්ත්වයට පත්කරන බව මස්ක් පවසා තිබීමයි.

ලොව ජනප්‍රියම ආර්ථික තොරතුරු පිළිබඳ පුවත් වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කරන අන්දමට මස්ක් දැන් සූදානම් වන්නේ ට්විටර් සමාගමේ සේවකයන් 3,700 කගේ රැකියා කප්පාදු කිරීමටයි. නැතිනම් ට්විටර් සමාගමේ ශ්‍රමබලකායෙන් අඩක් ඉවත් කර දැමීමටයි.

සමාගමේ වියදම් අඩු කිරීමට ඔහු මෙම පියවර ගන්නා බවයි බ්ලූම්බර්ග් පුවත් සේවය ආරංචිමාර්ග උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ.

මස්ක්ගේ මෙම දැඩි තීරණය ඔහු හෙට (04) දින තම කාර්යමණ්ඩලයට දැනුම් දීමට නියමිත බව ද සඳහන්.

එපමණක් නොව, ට්විටර් සමාගමේ පැවති තම කාර්යමණ්ඩල සාමාජිකයන්ට ඕනෑම තැනක සිට වැඩ කිරීමේ පහසුකම (work from anywhere policy) සපයා දුන් රෙගුලාසිය අහෝසි කරමින් කාර්යමණ්ඩල සාමාජිකයන් කාර්යාලයට පැමිණ සේවය කළ යුතු බවට නව රෙගුලාසියක් පැනවීමට මස්ක් සූදානමින් පසුවන බව ද බ්ලූම්බර්ග් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

මස්ක් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීම පිටුපස තිබෙන බරපතල සමාජ විරෝධී උත්ප්‍රේරණය බොහෝ පිරිසකට නොපෙනීම කණගාටුවට කරුණක් බව ඔහුගේ සමාජ මාධ්‍යවලට වැටෙන කමෙන්ටු කියවීමෙන් පසක් කර ගත හැක.

මස්ක් යනු “වීරයකු” බවට අර්ත නංවන ඇතැම් පිරිස් ඒ අතර වෙති. ඔහුගේ ගේ මෑතකාලීන ක්‍රියාකලාපය අනුව වීරයකු වීම කෙසේවෙතත්, මස්ක් ගේ ට්විටර් සම්ප්‍රාප්තිය වඳුරකුට දැලි පිහියක් අහුවුනා, හෝ පරවි කූඩුවකට ගිජු ලිහිණියෙක් කඩන් පාත්වූවා හා සමාන දැයි සාධාරණ සැකයක් අපට නම් ඇතිවේ.

ඡායාරූප: GETTY IMAGES

සබැඳි පුවත්:

Isuru Parakrama_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...