විෂාදයට ප්‍රතිකාර කරන හතු වර්ගයක් ලන්ඩනයෙන්?

Date:

පුද්ගල ස්වභාවය වෙනස්කරන හතු ගැන අපි කතාන්දරවල ඕනෑ තරම් අසා ඇත්තෙමු. එපමණක් නොව එළඹෙන වසරේ නිකුත් වීමට නියමිත ගෝලීය ප්‍රපංචයක් වූ වීඩියෝ ගේම් ක්‍රීඩාවක් වූ සුපර් මාරියෝ බ්‍රදර්ස් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයේ ද අරුම පුදුම හතු (Magic Mushroom) ගැන කියවේ.

එහෙත් මේ කියවෙන්නේ නම් සුපර් මාරියෝ හි මැජික් මෂ්රූම් ගැන නොවේ.

Psilocybe semilanceata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන “මැජික් මෂ්රූම්” යනුවෙන් පොදුවේ හඳුන්වන හතු වර්ගයෙන් නිස්සාරණය කරන ලද සංයෝගයක් භාවිතා කිරීමෙන් මනෝවෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර කිරීමට අපහසු මට්ටමේ විෂාද තත්ත්වයන්වල (difficult-to-treat depression) රෝග ලක්ෂණ සෑහෙන දුරකට අවම කළ හැකි බවට අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.

මෙම අධ්‍යයනය සිදුකොට තිබෙන්නේ එක්සත් රාජධානියේ ලන්ඩනයේ තිබෙන සහ එක්සත් ජනපදයේ කොටස් වෙළඳපලක් වන නස්දක් (Nasdaq) හි ලැයිස්තුගත සමාගමක් වන කොම්පාස් පාත්වේස් (COMPASS Pathways PLC) විසිනි.

මනෝ ප්‍රතිකාර වලට ප්‍රතිරෝධයක් දක්වන විෂාද තත්ත්වයන් හිමි පුද්ගලයන් 233 දෙනෙකු මෙම අධ්‍යයනයට යොදා ගෙන ඇති අතර, එකී සෑම පුද්ගලයකුම අවම වශයෙන් විෂාද ප්‍රතිරෝධී ඖෂධ (antidepressants) දෙකකටවත් යහපත් ප්‍රතිචාර නොදක්වන පුද්ගලයන් බව සඳහන්.

Psilocybin හෙවත් ‘Magic mushrooms’ යන නමින් හඳුන්වන හතු වර්ගය | ඡායාරූපය: © Andrew Hasson/Alamy

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ සෑම විෂාද තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකුටම ඉහත කී හතු වර්ගයෙන් නිස්සාරණය කරන ලද සංයෝගය ප්‍රතිනිර්මාණය කර මිලිග්‍රෑම් 25, මිලිග්‍රෑම් 10 හෝ පාලිත මිලිග්‍රෑම් 01 ක මාත්‍රාවක් ලබා දී ඇත.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් විද්‍යාලයේ ජෙෂ්‍ය්ඨ සායනික කතිකාචාර්ය විශේෂඥ මනෝවෛද්‍ය ජේම්ස් රකර් මහතා පවසා සිටියේ, කොම්පාස් පාත්වේස් සමාගම විසින් නිශ්පාදනය කරන ලද සංයෝගය මොළයේ චිත්තවේග සැකසීම හා සමීපතව ක්‍රියාකරන කොටස් ඉලක්කකරන බවයි. ඔහු මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකි.

මෙම ඖෂධය ලබාදුන් විට විෂාද තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු සිහිනයකින් අවදි වූවාක් (waking dream-like) මෙන් තත්ත්වයකට පත්වූ බවත්, එම තත්ත්වය පැය 04 – 06 ක පමණ කාලයක් පවතින බවත් හෙතෙම පැහැදිලි කළේය. ඒ අනුව උදෑසන මෙම සංයෝගය ලබාගත් විට එකී තත්ත්වය අත්විඳ දිවාකාලය හෝ සනද්‍යාකාලය වන විට තම මූලික තත්ත්වයට (baseline state) පත්ව පිටව ගිය බව වෛද්‍ය ජේම්ස් රකර් පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, මෙම අධ්‍යයනයේ සොයා ගැනීම් ධනාත්මක වූව ද අද්විතීය නොවන බව ලන්ඩනයේ විශ්ව විද්‍යාල පාසලේ මානසික සෞඛ්‍ය ආයතනයේ (Institute of Mental Health, University College London) සහායක මහාචාර්ය රවි දාස් පැවසීය.

එසේ වූවද, මෙම අධ්‍යයනය විවිධ විෂාද තත්ත්වයන් ගෙන් පෙළෙන පුද්ගලයන් සහ පොදුවේ මානසික සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳින පුද්ගලයන් සඳහා සුබවාදී බලාපොරොත්තුවක් ගෙන එනු ඇති බවයි බ්‍රි

Isuru Parakrama_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...