විදුලි බලේ සහ ගුවන් සමාගමේ ණය ගෙවන්න කෝටි 23150 ක පරිපූරක ඇස්තමේන්තුවක්

Date:

ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට අවශ්‍ය පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ මුදල් කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමිවී තිබේ.

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (31) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය හිමිවී ඇති අතර මේ මගින් රුපියල් බිලියන 231.5ක් වෙන්කරගැනීමට අපේක්ෂා කෙරේ. මෙම මුදල් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය පියවීමට මෙම ආයතන දෙක භාවිත කරන බව මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාරය යටතේ ලබාගත් ණය පියවීමටත් භාවිත කරන බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේය.

මෙම ලබාගන්නා මුදලෙන් රුපියල් බිලියන 129ක් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා බවත් ඉතිරි බිලියන 102 ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබාගන්නා බවත් මෙහිදී සඳහන් විය. එසේම ශ්‍රී ලංකා ගුවන් සේවය මේ වන විට ඩොලර් බිලියන 1ක පාඩුවක් ඇති බවත් මෙම අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් 30%ක් සඳහා පමණක් බවත් මෙහිදී අනාවරණය විය.

එසේම මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ක් – 400ක් පමණ වන බවද මෙහිදී නිලධාරීන් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...