ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය ; උතුරු කැරොලිනා ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂය අත්පත් කර ගනියි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04:
ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී කමලා හැරිස් නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය සිය පළමු සෙනෙට් ආසන ජයග්‍රහණය වාර්තා කර තිබේ.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව පැවති උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ සෙනෙට් ආසනය ඩිමොක්‍රටික් පක්ෂය විසින් දිනාගෙන ඇත.

ඒ අනුව හිටපු ඩිමොක්‍රටික් ආණ්ඩුකාර රෝයි කූපර් (Roy Cooper), රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක මයිකල් වට්ලි (Michael Whatley) පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත. වසර දහයකට පමණ පසු උතුරු කැරොලයිනා ප්‍රාන්තය නියෝජනය කරමින් ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයෙකු තේරී පත්වීම ද මෙම ප්‍රතිඵලයේ විශේෂත්වයකි.

රෝයි කූපර් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබිණි. ආහාර, බලශක්තිය සහ නිවාස වියදම් අඩු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඔහු සිය ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවීය. එමෙන්ම ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කාලයේදී සෞඛ්‍ය සේවා පහසුකම් පුළුල් කිරීම සහ ගුරු වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ද ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේදී ඉස්මතු කර තිබේ.

මෙම ජයග්‍රහණය ඩිමොක්‍රටික් පක්ෂයට වැදගත් වන්නේ ඇමෙරිකානු සෙනෙට් සභාවේ බහුතර බලය නැවත ලබා ගැනීමේ උත්සාහයත් සමඟය. මැතිවරණයට පෙර සෙනෙට් සභාවේ ආසන 100න් 53ක් රිපබ්ලිකන් පක්ෂය සතුව පැවති අතර, ඩිමොක්‍රටික් පක්ෂයට බහුතර බලය ලබා ගැනීම සඳහා ශුද්ධ ආසන හතරක වාසියක් ලබා ගැනීමට අවශ්‍යව තිබිණි.

මෙම ප්‍රතිඵලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයේ ඉදිරි වසර දෙක තුළ නීති සම්පාදනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද බලපෑම් කළ හැකි වැදගත් දේශපාලන සිදුවීමක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

​ආර්ථික වර්ධනය 7%ට ගේනවා කිව්වත් තුන්වෙනි අයවැය කියවද්දී 4.2%කට අඩු වෙලා.දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල්

කොළඹ LNW:''භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි...

සුව සේවාවට අලුතෙන් 223 දෙනෙකු එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස...

හංගේරියාව සෙලවූ මහා දූෂණ විමර්ශනය: වනාන්තරවල වලදමා තිබූ ඩොලර් මිලියන ගණනක අභිරහස

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: ඝන අන්ධකාරය රජයන රාත්‍රී...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය...