අපි දන්නා විදියට විධිමත් අධ්‍යාපනය (formal education) කියන්නේ පන්ති කාමරයක් ඇතුලේ ලැබෙන අධ්‍යාපනයට. ඒකට ඉතින් බාහිර ක්‍රියාකාරකම් කියලත් අංගයකුත් ඇතුලත් වෙලා තියනවා. මොකද පොත්ගුල්ලෝ වෙලා විතරක් සමහර පෞරුෂ ගුණාංග වර්ධනය කරගන්න බැරි හින්ද.
හැබැයි මේ බිත්ති හතරක් ඇතුලේ, ආයතනයක් ඇතුලේ කරන අධ්‍යාපනයට විකල්පීයව හෝ එරෙහිව මේ ආයතනගත රාමුවෙන් පිටතත් අධ්‍යාපනය තියෙන්න පුළුවන්.
මනුස්සයෙක් තමන්ගේ පැවැත්ම ඇතුලේ විකසිත වෙනකොට හරි වර්ධනය වෙනකොට හරි සමහර වෙලාවට මේ ක්‍රමික අධ්‍යාපනය ඇතුලේ යම් යම් දේවල් ඉගෙනගන්නවා වගේම මේ සමස්ත ක්‍රමයෙන්ම නික්මිලා ගිහිල්ලත් යම් දැනුමක් අත්පත් කරගන්න පුළුවන්. ඒක මේ ආයතනගත අභිලාශයන් එක්ක සමපාත වෙන්න පුළුවන් වගේම ගොඩක් වෙලාවට අසමපාත වෙන්නත් පුළුවන්.
ගොඩක් වෙලාවට විධිමත් අධ්‍යාපනයක් ඇතුලේ උනත් අවිධිමත් අධ්‍යාපනයක් ඇතුලේ උනත් සිද්දවෙන්නේ අවසානයේ මේ අපි දන්නා ක්‍රමය ඇතුලටම නැවත එන එක සහ ඒ ක්‍රමය ඇතුලෙම නැවත සිරගත වෙන එක.
ඒ කියන්නේ කොයි විදියෙන් හරි මේ ශිෂ්ටාචාරයේ කොන්දේසි ඇතුලේ හිරවෙන එක. හැබැයි අපි මේ දන්නා ශිෂ්ටාචාරයේ සියළුම කොන්දේසි වලින් ඉවත්වීමේ භයානක ෆැන්ටසි එකකින් කවුරුහරි පෙළෙනවා නම් ඒක ඉතාම කලාතුරකින් සිද්දවෙන්න පුළුවන් දෙයක් කියල හිතෙනවා.
අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ කට් කරලා සමහර වෙලාවට කැලේ පැන්නට මොනයම් විදියකට හරි ආපහු අපි ශිෂ්ටාචාරයේ කොන්දේසි වලට යටත්වෙලා ආපහු මේ ශිෂ්ටාචාරයට ආව.
Into the Wild (2007) චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප්ට තිබ්බේ එහෙම මේ සියල්ලන්ම ඉවත්වීමේ භයානක ෆැන්ටසි එකක් කියල මට හිතෙනවා. අපි ආපහු ආවට එයා ආපහු ආවේ නැහැ. නැවත ආපසු නොඒමේ ගමන්වලත් අමුතු ලස්සනක් තියනවා.
ඒ කියන්නේ එහෙම ආපසු නොඑන ගමන් භයානක වුනත් එහෙම භයානක ෆැන්ටසිවල අමුතු ලස්සනක් තියනවා කියන එක. මේ චිත්‍රපටිය ලස්සන සහ මතකහිටින සුළු වෙන්නේ ඒ නිසා.
ආපහු ජීවිතයට එන්න සහ ජීවිතයේ නතරවෙන්න කියල කොච්චර ආරාධනා කරත් ඒ කිසිම ආරාධනයක් ළඟ නතර වෙන්නේ නැති එකේ තියනවා හිතාගන්න බැරි මොකක්දෝ දෙයක්.
මේ වීඩියෝව ඒ ගැන….
~ මහේෂ් හපුගොඩ
RN