*
Sunday, May 18, 2025
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

වොෂින්ටන් (LNW):

? ඩයනාගේ තීන්දුවට ඉහළින් බලපෑම්…..???

? ඩයනා – සජබ ගුටිබැට වලට පෙර රනිල් ගත් තීන්දුව

? අයවැය සහන ලීක්වෙයි.

? Dr රමේෂ්ට රනිල් ගෙන් සෙටිපිකට්……!!

? පෙර අතපසුවීම් නොකරන කෙහෙළිය….??

? මාන්නප්පෙරුමගේ කැඩුන කකුලට ඇමෙරිකාවෙදි අලුත් ගැජට්.

? ඇමෙරිකන් මහින්ද සැදැහැවත් බෞද්ධයාට ඇදීම

? ආශුට මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක්…..??

?ෆේස් බ්ලොක් නොකර ෆේස් බුක් එකෙන් එන්න – මහේෂ් සේනානායක.

ජනපති එජාප සමුළුවේදී මන්ත්‍රී හැසිරීම් නීති හරහා ප්‍රමිතිගත කලයුතු බව කීවේ ඩයනා හා සජබ මහා ගුටිබැට හා වචන යුද්ධයට දින 2 – 3 කට පෙර පේනබලාදැයි දන්නේ නැත.

ගෙදර යන විකාරයෙන් ඇය හැසිරුණ බව ද සජබ අය දිනුම අතේ තියාගෙන ඇය ඔරොප්පු කල බව ද පෙනින. අවසන 2 – 1 ක විනිශ්චයකින් ඇය බේරුණ අතර එම තීන්දුව යටි ගේමක් බවට විග්‍රහ කල අය ද විපක්ෂයේ සිිටියහ.

උසාවියට ජනාධිපති බලපෑම් කරන්නෙ නෑ. ඇය ලංකාවෙ පුරවැසියෙක් නොවුණා කියමු. ඒක ඔප්පු කරන්න බැරිවුණා. ඇයගේ දිනුම ජනපතිට අවාසි මිසක් වාසි ගෙනාවෙ නෑ කියන අය වැඩියි. ගංජා , ගණිකා කතා හා ඇගේ හැසිරීම් ගැන හුගක් අය දොස් කියනවා” ජනපතිගේ සමීපමතයෙක් කීවේය.

ඇය වෙනුවට පාර්ලිමේන්තු යාමට සිටි සජබ අයට මැදපු ඇඳුම් යළි පෙට්ටගමට දැමීමට සිදුවිය.රටට පේන්න පංසල් පල්ලි කෝවිල් යාම දේශපාලලාගේ සිරිතය. රනිල් පසුගියදා අනුරපුර ගියේ ප්‍රයිවේට් වැඩකටය. ඒත් රටට පේන්න පංසල් යාම හා පංසල දේශපාලනයට යොදා ගැනීම රනිල් ගේ තියරිය නොවේ.

එහෙත් යක්කු ගස් නගින වෙලාවේ නිදහසේ වැදපුදා ගැනීම් වලට ද ඔහු ගියේය. ඒ අතරේ මහලේකම් රංගෙ සූදානම් කල සර්ව ආගමික හමුවකට ඔහු එක්විය. උ / නැ භික්ෂූන් ද එක්වූහ. කුරුන්දි හා මඩකලපු ගැටලු ද මතුවිය. “දේසපාලලායි පිටස්තර අයයි ප්‍රශ්න ඇතිකරන නිසා පුරා විද්‍යාවට මේවා බාර දෙන්න” ඒ ඉල්ලීමකි.

මුලතිව් විශ්ව විද්‍යාලය මන්නාරම සංචාරක කලාපය පුණර්ජනනීය විදුලිය පිරිපහදුව වගා ව්‍යාප්තිය තලෙයි මන්නාරම – ඉන්දියා නැව් සේවය ගැන ද කතාබහ වූහ. කොළඹ පැමිණි ජනපති අයවැය ගැන වැදගත් හමුවකට එක්විය. කැබිනට් හමුවේ දී අයවැය ගැන හා පඩි වැඩි කිරීම ගැනත් කතාකල ඔහු අමුතු කතාවක් කීවේය.“පඩි වැඩි කරනවා. ඒ විපක්ෂයේ කෑගැහීමට නෙවෙයි. බඩුමිල වැඩිවුණාම ආදායම වැඩි කිරීමේ න්‍යාය හා ජනතාවගේ පීඩනය අඩු කිරීමේ අරමුණ මතයි” රනිල් කීය.

ටාජ් හිදී අගමැති හා සාගල සමග IMF හමුවුයේ දෙවන වාරිකය ඉක්මනින් අවශ්‍ය බව ඇඟවීමටය. බලයේ සිටියදී දේශපාලනය නොකිරීම රනිල් ගේ හැටිය. එජාපය හොම්බෙන් ගිය ද රට ගොඩ දැමීම රනිල්ට ඇති රැදාවය. එහෙත් මෙි වනතුරු එය නිමකර ගන්නට නොහැකිවී තිබේ.

පක්ෂ කළමනාකරණ කමිටුවට ගිය ද එහි හැසිරීමත් ඇල්මැරුණක් දැයි දන්නේ නැත. කැලණි සියැට් 25 සැමරුමට ජනපති යනවිට මහින්ද රාජපක්ෂ ද පැමිණ සිටියෙන් එම මේසයේ අසුන් ගත්ත ද දේශපාලනය ගැන කෙල බිදක් නොහලන්නට දෙදෙනාම පරිස්සම් වූහ. දින කීපයකට පෙර රාජපක්ෂලා හා පිරිවර තරගෙට ජනපති බයිට් එකට ගත්හ. බ්‍රහස්පතින්දා විදෙස් වල සිටින හා මෙරට මාධ්‍ය අය සමඟ සූම් හරහා ජනපති බොහෝ දේ කතාබහ කළේය.” පොහොට්ටුව හිටු කියල ඔබතුමාට ගහනවා. ස්වාධීනව වැඩ කරන්න කියල පත් කරගෙන දැන් එයාලගෙ පදේට නටන්න කියනවා. අයවැය පරදනවා නම් කරන්න කියන්න. තව අවුරුදු 02 කින් ගෙදර යන්න තියෙන එකේ ළඟදීම යන්න ලැබේවි” මහාචාර්ය ආශු කීවේ මරාගෙන මැරෙන ඇදුම ඇදගෙනය..”

ෆේස් බුක් වලින් නෙවෙයි ෆේස් බ්ලොක් කරල බොරු ගිණුම් වලින් එන ජවිපෙ හා විපක්ෂයට කොන්ද නෑ. ජවිපෙ නායකයො ඇමෙරිකන් අධිරාජ්‍යවාදය ගැන රටට බණ කියලා දැන් ඇමෙරිකන් කොඩිය යට ඉදන් ඒ ප්‍රතිපත්ති අගයනවා. මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවලු”මහේෂ් සේනානායක කීවිට ජනපති තොල් විකා සිනහව නවතා බිම බලා ගත්තේය. කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලෙට ද ජනපති එක්වූහ.

කර්මාන්ත වලට අයවැයෙන් සහන දෙනවා. රමේෂ් වගේ කැපවුණොත් රටේ අර්බුද ඉක්මනින් විසදෙනවා” ලෙහෙසියෙන් කෙනෙකුට සෙටිපිකට් නොදෙන රනිල් කීවේ ලෝබ නැතුවය.

අරලිය ගහ මැදුරේ පැවති දේශගුණ සමුළුව ට ද ජනපති ගියේය.“කෙහෙළිය ඖෂධ හා නිලධාරී මාෆියාවට යටවුණා කියන බොරුව පරිසරයෙදි හොදටම බොරුවක් බව පෙන්නන්න” එල්ලවූ අභියෝගය කෙහෙළිය දෝතින්ම බාර ගත්තේය.

මෙරට පැමිණි ඉන්දීය මුදල් ඇමතිනිය කැටුව රනිල් සුගතදාස ගියේ ඉන්දීය දෙමළ ජාතිකයන්ගේ 200 සැමරුමටය. එහි සිට සූම් හරහා ගෙවල් 10,000 කට මුල් ගල ද තැබුවේය.

රටට කෝටි ගණන් ප්‍රතිලාභ ගෙනෙන කාර්යෙන් මදක් ඈත්ව ඇමෙරිකානු මහින්ද පසුගිය සතිය ගත කළේ වොෂින්ටන් DC හා මේරිලන්ඩ් පංසල් වල කඨින පිංකම් සාර්ථක කරගන්නටය.

ඇමෙරිකාවේ වන්දනාවක පැමිණි ලංකා පාර්ලිමේන්තු 17 හොදට කාබී විනෝද වූහ. ඉඩ ඇති විටෙක අධ්‍යනය වලට ද ගියහ.ඒත් අජිත් මාන්නප්පෙරුම එරට පරිසර,වනසංරක්ෂණ අමාත්‍යාංශ හා US ඒඩ් පරිසර ප්‍රධානියාද හමුවී යමක් කරන්නට දැගලුවේය. “මගේ කැඩුණ කකුලට අලුත් ගැජට් එකකුත් හයි කරගත්තා. කකුල කැඩෙනවාමයි කියලා සාස්තරේකටත් කිවිවා” මාන්නප්පෙරුම කියන විට මහින්ද සමරසිංහගේ ඇස් උඩ ගියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan