ලංකා බැංකුවේ නව සභාපතිවරයා රාජකාරි අරඹයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

අද (5) දින ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කළ කාවින්ද සොයිසා මහතා නව ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

කාවින්ද සොයිසා මහතා නව ධුරයේ රාජකාරි ආරම්භ කර ඇත්තේ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දීය.

 බැංකු ක්ෂේත්‍රයේ වසර 30කට අධික පළපුරුද්දක් සහිත ඒ මහතා වසර 25කට අධික සිය කළමනාකරන පළපුරුද්ද තුළින් දේශීය මෙන්ම ගෝලීය බැංකු වෙත සැළකිය යුතු දායකත්වයක් ලබාදී ඇති වෘත්තිකයෙක් වේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය  ලැබූ කාවින්ද සොයිසා මහතා එහිදී ස්වර්ණ මුද්‍රිකා  ලාභියෙකු ලෙස සිය විශිෂ්ටත්වය ප්‍රකට  කර තිබෙන අතර, බැංකු සහකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා බැංකු ක්ෂේත්‍රයේ ජයග්‍රහණ  රැසක් ලබා ගැනීමට දායකත්වය ලබාදී තිබෙන බව පැවසේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...

මෙම ජාතික ප්‍රයත්නයේදී පෞද්ගලික අංශයේ සහයෝගය අපි බෙහෙවින් අගය කරමු – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන...