දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩායමක් – ජනපති

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

බොහෝ මන්ත්‍රීවරුන් මහජනතාවගේ දේපොළ තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බවත්, රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදුන් අයට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා වැඩදුරටත් පැවසුවේ ,

“පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ඉතාම නිර්භිත ‍ධෛර්යවන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩායමක්. රටේ සම්පත් බහුජාතික සමාගම්වලට විකුණලා දැම්මා. භාණ්ඩාගාරයේ ධනය හිතු හිතු සේ පාවිච්චි කළා. මහජනයාගේ දේපොළ ඒ විදියටම පරිහරණය කළා. මේ අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් අවුරුදු 36කට පස්සේ ගේ බාර දීලා. ඉතින් බලන්නකෝ ඒ ගොල්ලෝ මෙහෙත් එහෙමයි කොළඹත් එහෙමයි. දැන් ආණ්ඩුවේ නිවෙස්වලින් ඉවත් කරගන්න අපි තීන්දුකරලා තියෙනවා නඩු දාන්න. ඒ ගොල්ලෝ දිගටම ආණ්ඩුවේ යැපුම් අය. මහජනයාගේ දේපොළ රිසි සේ එයාලගේ පෞද්ගලික දේපොළක් ලෙස පාවිච්චි කරපු අය. මේ රට මහා ණය උගුලක හිරකරපු අය. ඒ ගොල්ලෝ එයාලගේ පවුලේ උදවිය සහ ඒ ගොල්ලන්ගේ වටේ ඉන්න උදවියට පමණක් සේවයක් කරපු අය. මහජනතාව දුප්පත් බවේ පතුලටම බස්සවපු අය.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...