ලංකා බැංකුවේ නව සභාපතිවරයා රාජකාරි අරඹයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

අද (5) දින ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කළ කාවින්ද සොයිසා මහතා නව ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

කාවින්ද සොයිසා මහතා නව ධුරයේ රාජකාරි ආරම්භ කර ඇත්තේ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දීය.

 බැංකු ක්ෂේත්‍රයේ වසර 30කට අධික පළපුරුද්දක් සහිත ඒ මහතා වසර 25කට අධික සිය කළමනාකරන පළපුරුද්ද තුළින් දේශීය මෙන්ම ගෝලීය බැංකු වෙත සැළකිය යුතු දායකත්වයක් ලබාදී ඇති වෘත්තිකයෙක් වේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය  ලැබූ කාවින්ද සොයිසා මහතා එහිදී ස්වර්ණ මුද්‍රිකා  ලාභියෙකු ලෙස සිය විශිෂ්ටත්වය ප්‍රකට  කර තිබෙන අතර, බැංකු සහකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා බැංකු ක්ෂේත්‍රයේ ජයග්‍රහණ  රැසක් ලබා ගැනීමට දායකත්වය ලබාදී තිබෙන බව පැවසේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...