කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට වැඩුම ඊයේ (04) පස්වරුවේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
‘‘මේක අතිශය සාමාන්‍ය කතාවක්” සහ ”කුමාරි එන්න එන්නම ලොකු වුණා සුනිල් එන්න එන්නම පොඩි වුණා” යන නවකතාව සහ කෙටි කතා සංග්‍රහයයි එලෙස එළිදැක්වූයේ.
මෙම සාහිත්‍ය රසකාමී අවස්ථාව වර්ණවත් කරමින් එහි ප්‍රධාන දෙසුම් ආචාර්ය ප්‍රභා මනුරත්න සහ සාහිත්‍යවේදී මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ විසින් සිදුකරන ලද අතර ගැයුමින් නදීක ගුරුගේ සහ සිලනි තුමාරා එක්වූහ.
ගුමී සිරිමෙවන් විසින් එම අවස්ථාව මෙහෙයවීම සිදුකරන ලදී.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරු,සාහිත්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයින්,හිතවතුන් ඇතුළු පිරිසක් එන අවස්ථාවට එක්ව සිටියහ.
ජායාරූප- හිරුෂිකා අමරසිංහ



















