රජයේ නිලධාරීන්ගේ අල්ලස් දූෂණ ගැන පැමිණිලි කිරීමට කෙටි දුරකථන අංකයක්

Date:

රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධව 1905 කෙටි දුරකතන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කල හැකිය.

මෙම පැමිණිලි සේවාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අංශය වෙත සෘජුව යොමු කිරීමට හැකියාව පවතියි.මෙයට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතන වල සිදුවන අල්ලස් හා දූෂණ අක්‍රමිකතාවයන් පිළිබඳව ද 1905 අංකය ඇමතීමෙන් ලබා දිය හැකිය.

මෙයට අමතරව රාජ්‍ය ආයතන, පළාත් සභා ආයතන හා පළාත් පාලන ආයතනයන්ගේ මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරීන් අල්ලස් ඉල්ලීමක් සිදු කරන්නේ නම් 1954 කෙටි දුරකතන අංකය සෘජුව ඇමතීමෙන් අල්ලස් කොමිසම වෙතට දැනුම් දීමට හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...