උතුර සුවඳ කළ ජයග්‍රාහී සූර – සූරී පිහාටු මල්

උතුරු පළාත් බැඩිමින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩිමින්ටන් ආශිර්වාදය ඇතිව,කිලිනොච්චියේ පවත්වන ලද ජාතික මට්ටමේ බැඩිමින්ටන් තරගාවලියේ කේවල පිරිමි සූරතාවය දිනා ගන්නට හසරංග සූරිආරච්චි සමත් වුණා.කාන්තා සූරතාවය සිතුලි සත්නදී රණසිංහ දිනා ගනු ලැබුවා.


ඔක්තෝම්බර් 31 ඇරඹි නොවැම්බර් 4 දා දක්වා පැවති කරගාවලියේ පිරිමි යුගල සූරතාවය අජාන් ධර්මස්පුත් සහ මාර්සෙල්ලෝ විට්ටෝරියේ විසින් දිනා ගනු ලැබුවා.ඉරුෂි අමන්දි සහ සදිති දෙව්මිණි කාන්තා යුගල සූරියන් වූවා.මිශ්‍ර යුගල සූරතාවයට ද හිමිකම් කියමින් සූරතා අතර දෙවන වරටත් සිය නම සටහන් කරගත් අජාන් ධර්මස්පුත් එම ජයග්‍රහණයේදී ජාත්‍යන්තර මට්ටමෙන් අවධානය දිනා සිටින හිටපු ශ්‍රී ලංකා සූරියක වන රේණු චන්ද්‍රිකාගේ සහය ලබා ගත්තා.


ජාතික මට්ටමේ තරග මෙන්ම බාලක බාලිකා තරග වයස් මට්ටම් යටතේ මෙන්ම වැඩිහිටි ප්‍රවීන තරග ද වයස් කාණ්ඩ යටතේ ක්‍රියාත්මක වුණ මේ තරගාවලිය උතුරු කරයේ බැඩිමින්ටන් ප්‍රේමීන්ගේ උනන්දුව වැඩි කරන්නට මෙන්ම තවත් අලුත් පිරිසකට බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා යොමු වීම සඳහා උනන්දුව වැඩි කරන්නටත් මේ තරගාවලිය විශාල උත්තේජනයක් ලබා දුන්නා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...